2005 සහ 2011 දී කළ දෙය පකිස්තානය 2021 දීත් කරයි

220

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 109ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සංචාරක පකිස්තාන කණ්ඩායම පෙරේදා (24 වැනිදා) සමත් විය.

 කිංග්ස්ටන් හි පැවැති එම තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 329ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම ලකුණු 219ක් තුළ දවා ගැනීමට ෂහේන් ෂා අෆ්රිඩි ප‍්‍රමුඛ පකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ඉනිම් දෙකේදී කොදෙව් කඩුලූ 11ක් දවා ගත් අෆ්රිඩි තරගාවලියේ වීරයා සහ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. පකිස්තානයේ මෙම ජයග‍්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු තරගය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලකින් ජයග‍්‍රහණය කළේය. 2005 සහ 2011 වර්ෂවලදී දෙරට අතර තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගය කොදෙව්වන් ජය ගෙන ඇති අතර දෙවැනි තරගය පකිස්තානය ජය ගෙන ඇත.

 පකිස්තානය පළමු ඉනිම 302/9, දෙවැනි ඉනිම 176/6, බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 150 සහ දෙවැනි ඉනිම 219

advertistmentadvertistment
advertistmentadvertistment