2016 න් පසු පැන්ෂන් ගිය 108069 කට භාගෙට බෙදලා

347

රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා දික්කිරීමට යෝජනාකර ඇති ආණ්ඩුව 2016 ජනවාරි 01 වැනිදායින් පසු විශ‍්‍රාම ගිය ලක්‍ෂයකට අධික පිරිසකට (108,069දෙනකුට) තවමත් ගෙවන්නේ විශ‍්‍රාම වැටුපෙන් කොටසක් යැයි විශ‍්‍රාමිකයන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක සරත් ලාල් පෙරේරා මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාකර ඇත්තේ රජය මුහුණදී සිටින දැඩි මූල්‍ය අර්බුදය නිසා බවත් රාජ්‍ය සේවය බරක් නම් රාජ්‍ය සේවක විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරන්නේ කුමකට ද යනුවෙන් ඔහු ප‍්‍රශ්න කළේය.

රාජ්‍ය සේවයේ 2020 ජනාවරි 01 වැනිදායින් පසු විශ‍්‍රාම ගිය විශ‍්‍රාමිකයන්ට හිමිවිය යුතු මාස 24ක පාරිතෝෂිත මුදල පවා තවමත් ගෙවා නැතැයිද කී ඒ මහතා ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ලබාදෙන්නේ ද විශ‍්‍රාම ගොස් 05 ක පමණ කාලයක් ගතවීමෙන් පසුව බවත් කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment