2018 දී කාලේ බෝතල් කෝටි දහයාමාරක් බීලා – ඇමැති අමරවීර

211

2018 වසරේදී මෙරට පුද්ගලයන් අරක්කු කාලේ බෝතල් කෝටි දහයාමාරකට වැඩි (10,55,32,169* ප‍්‍රමාණයක් පානය කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මිලි ලීටර් 180 අඩංගු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටලූ ඇති කරන බවත් ඒවා පාවිච්චි කිරීමෙන් පසු පරිසරයට බැහැර කර ඇති බවද ඒ මහතා පවසයි.

වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

සමහර බෝතල් එකතු කරන අයවත් මේවා ගන්නේ නැහැ. නිෂ්පාදන සමාගම් මේවා එකතුකරන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මම පරිසර ඇමැතිවරයාව සිටියදී මෙම කාලේ බෝතල් තහනම් කිරීමට විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කළා.

විශේෂයෙන් පරිසර සංවිධානවලින් ඒ වගේම ගොවියන්ගෙන්. සමහරු මේ කාලේ බෝතල් බීල කුඩු කරල කුඹුරුවලට දානවා. සමහර ගොවීන්ගේ කකුල් කැපිල තියෙන බවට වාර්තා වෙනවා. එවැනි පාරිසරික ගැටලූ නිසා මේ කාලේ බෝතලේ තහනම් කිරීමට සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වුවත් කිසිදු ආයතනයකින් ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

2018 අපේ රටේ අලෙවි වී ඇති අරක්කු බෝතල් ප‍්‍රමාණය විසිකෝටි දොළොස් ලක්‍ෂ විසිහත්දහස් එකසිය හැටනවයයි (20,12,21,181) එයින් දශලක්‍ෂ කෝටි පන්ස්පන් ලක්‍ෂ තිස්දෙදහස් එකසිය හැටනවයක් (10,55,32,169) අරක්කු කාලේ බෝතල්. සමස්ත අරක්කු බෝතල් ප‍්‍රමාණයෙන් සියයට 52 ක් මිලි ලීටර් 180 නැත්නම් කාලේ බෝතල් 2017 ට සාපේක්‍ෂව 2018 කාලේ බෝතල් අඩුවීමක් තියෙන බව වාර්තා වී තිබෙනවා.

මේවායින් සියයට 5 ක්වත් ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නෙ නැහැ. ඒ වගේම ආපසු එකතු කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු බොන අරක්කු කාලේ බෝතල්වලින් සියයට සියයක් පරිසරය විනාශයට හේතු වෙනවා. 2018 වර්ෂයේ අරක්කු භාගේ බෝතල් හාරකෝටි තිස්එක්ලක්‍ෂ පහළොස්දහස් නවසිය විස්සක් (4,31,15,920* බෝතල් ප‍්‍රමාණයක්ද, මිලි ලීටර් 750 සම්පූර්ණ බෝතල් පන්කෝටි විසිපන්ලක්‍ෂ හැටඅටදහස් අනූදෙකක (5,25,68,092) ක ප‍්‍රමාණයක්ද පාවිච්චි කරලා තියෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment