‘2019 ජූලි මාසයේ දවසක්’ පෙබරවාරියේ

458

කලකට පසුව අලූත් නිර්මාණයකට සූදානම් වෙමින් සිටින ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකයන්ගේ ‘‘2019 ජූලි මාසේ දවසක්” වේදිකා නාට්‍ය පෙබරවාරි මස 27 දින සවස 3.30 ට සහ 6.30 ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය. ඉකුත්දා පැවති මංගල දර්ශන තුනෙන් දෙකකම ප‍්‍රවේශපත‍්‍ර අවසන් වී තිබූ බැවින් නාට්‍ය නැරඹීමට නොහැකි වූ පේ‍්‍රක්ෂකයින්ට පෙබරවාරි මාසයේ 27 දින නැරඹීමට හැකි බව පවසන රාජිත දිසානායක මෙම නාට්‍යයට පාදක වූ තේමාව ඔහු අපත් සමඟ පැවසුවේ මෙලෙසය.

මේ වේදිකා නාට්‍ය 2019 ජූලි මාසයේ අපේ රටේ තිබුණ සමාජ දේශපාලන තත්ත්වයන් හමුවේ මධ්‍යම පාන්තික පවුල් කිහිපයක පුද්ගලයින්ගේ හැසිරීම් සහ ඔවුන්ට සිදු වූ සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කළේ.

ඒවාගේම මේ ගත කරමින් සිටින දශකය තුළ සිදුවන සහ සිදුවෙමින් පවතින සහ සිදුවෙන්නට නියමිත දේශපාලන, සමාජ පරිවර්තනයන්වල මූලාරම්භක අවස්ථාවක් රසිකයන්ට ඇති කරවන්නට අපි මෙහිදී උත්සාහ කරනවා. මොකද අපේ සමාජයේ බොහෝ දෙනාට අමතකවීම් වැඩියි, සිතීම අඩුයි, ඉතිං මම විශ්වාස කරන දෙයක් තමයි කලාවෙන් අපට පුළුවන් මතක අලූත් කරන්න වගේම සිතීම දල්වන්න යනුවෙන් ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකයන් පවසනවා.

ඔහු මෙම නාට්‍ය රචනා කිරීමට පෙළඹී ඇත්තේ 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මිනිසුන්ගේ හැසිරීම් සහ සමාජය තුළ ඇතිවුණු සැකය සහ භීතිය මින්සුන්ගේ ආකල්පවලට සහ පැවැත්මට විශාල වශයෙන් බලපෑම් ඇති කරනු ලැබූ නිසයි. ඊට පෙර පැවති තිස් අවුරුදු යුද්ධය තුළදීවත් ඇති නොවුණු තරම් කම්පනයක් දකුණු සමාජය තුළ දක්නට ලැබූ බවත් එම කැළඹිලි සහිත බව කිසියම් විදියකට දේශපාලනික වශයෙන් බලය ලබා

ගැනීම සහ බල පෙරළිය උදෙසාත් භාවිතා වූ ස්වභාවයක් දන්නට ලැබුණ බව පවසන රාජිත මේ තත්ත්වය තුළ මිනිසුන්ගේ හැසිරීම්වල ස්වභාවයන් නිරීක්ෂණය කිරීමේදී ඇති වූ යම් කම්පනයන් සහ සිතීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් මෙම නාට්‍ය නිෂ්පාදනය කර ඇත.

2020 අගෝස්තු මාසයේ ඇරඹි මෙම නාට්‍ය මාස 17 ක කාලයක් පුහුණුවීම් සිදු කළද නාට්‍ය එය වේදිකා ගත කිරීමට නොහැකි වූයේ රට තුළ හදිසියේ ඇති වූ කොවිඞ් වසංගත තත්ත්වය නිසාත් බව පැවසූ ඔහු මෙම නාට්‍ය කරගෙන යෑමට විශාල අභියෝගයක් මෙන්ම විශාල අසීරුතාවයන් රැසකට ද මුහුණ දීමට සිදු වූ බව පැවසුවා. 2021 ජනවාරි මාසයේ නාට්‍යයේ මංගල දර්ශන වේදිකාගත කරන්නට නිමවෙලා තිබුණත් එය 2022 ජනවාරි මාසය තුළ පැවැත්වූ අතර දීර්ඝ කාලයක් තුළ නාට්‍යයක් නිම නොවී පවත්වාගෙනයෑම නාට්‍ය කණ්ඩායමකට ඉතාමත් අපහසු කාර්යක් බැවින් එම දුෂ්කර කාල පරිච්ෙඡ්දය තුළ ඔවුන්ගේ නාට්‍ය කණ්ඩායමේ නොයෙකුත් වෙනස්වීම් ද සිදු වී ඇති අතර ඇතැම් රංගන ශිල්පීන්ට කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් නව සාමාජිකයින් කණ්ඩායමට එකතු කර ගැනීමටත් සිදු වී ඇත. ඔහුගේ ජීවිතයේ මෙතෙක් කළ නාට්‍ය පුහුණුවීම් ක‍්‍රියාවලියන් තුළ මුහුණ පෑමට සිදු වූ දුෂ්කරම කාල පරිච්ෙඡ්දය ‘‘2019 ජූලි මාසේ දවසක්” සමග තමයි ගතවී ඇත්තේ. අවසානයේ සියලූ අභියෝගයන් අභිබවා අපේක්ෂිත රංගන තත්ත්වය පරිපූර්ණ අයුරින් පවත්වාගෙන යාමට හැකියාවක් ඇතැයි සිතනවා.

  • ඕ.ටී. පාරමී
advertistmentadvertistment
advertistmentadvertistment