2019 බදු සංශෝධනයෙන් දේශීය ආදායම් ලිපි ගොනු ලක්‍ෂ 14 සිට ලක්‍ෂ 5 ට අඩුවෙලා

158

2019 දෙසැම්බර් 1 වැනිදා සිට බලාත්මක කරන ලද බදු සංශෝධන හේතුවෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු ප්‍රමාණය ලක්‍ෂ 14 සිට ලක්‍ෂ 5 දක්වා අඩුවී ඇති බව ආර්ථික ස්ථායිකරණයට අදාළ ජාතික අනුකමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ අනාවරණය වී තිබේ.

පසුගිය කාලය තුළ රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමට හේතුවූ කරුණු පිළිබඳ හේතු එහිදී දැඩි ලෙස අවධානයට යොමුවී තිබේ.

ලබන වසරේ අපේක්‍ෂිත රජයේ ආදායම වන රුපියල් බිලියන 3500 ක මුදල උපයා ගැනීමට අදාළ යෝජනා සිය කමිටුවේ දෙවන වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එළඹෙන වසරේ රජයේ ආදායම් ඉහළ නැංවීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උක්ත කමිටුව වෙත පසුගියදා කැඳවූ අවස්ථාවේදීය. 2023 වර්ෂය සඳහා අපේක්‍ෂිත ආදායම් ඉපයීම සඳහා ඉහත ආයතන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම රට තුළ සිදුකෙරෙන නිල වාර්තා රහිත ගෙවීම් (වෛi ගාස්තු, නීතිඥ ගාස්තු, උපකාරක පන්ති ගාස්තු ආදී) හේතුවෙන් සංසරණය වන විශාල මුදලක් පවතින බවත් ඒ සඳහා බදු අය කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් මෙහිදී යෝජනා කෙරිණි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment