2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්තිය හෙට…

440

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගතයක් බවට පත් වීම හේතුවෙන්  පසුගිය වසරෙහි ජාත්‍යන්තර කෙළිබිම ම අලි අමාරුවක වැටුණි. අන්තර් ජාතික මට්ටමේ ක‍්‍රීඩා තරග මාලාවන් බොහෝමයකට මෙන්ම ලොව අසිරිමත්ම ක‍්‍රීඩා එකතුව ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ද ඒ අනුව පියවරක් පසුපසට ගන්නට සිදු විය.

 ශත වර්ෂයකට අධික කාලයක් තිස්සේ ඉතාමත් සංයමයෙන් හා විධිමත්ව සංවිධානය කරන්නට යෙදුණු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි 32 වැන්න ද මෙම වර්ෂයට කල් දැමීම හැර වෙන විකල්පයක් සොයා ගැනීමට සංවිධායකයින් වූ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ සත්කාරකත්වය ලබා දුන් ජපාන ඔලිම්පික් කමිටුවට නොහැකි වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සංවිධායකයින් මෙන්ම අනුග‍්‍රාහක භවතුන් ද මහත් අසීරුතාවට පත් වූ බව නොකිවමනාය.

 එහෙත්, පවතින ගෝලීය වසන්ගත තත්ත්වයට අභියෝග කරන්නට සංවිධායකයින්ට හා අනුග‍්‍රහකයින් ට සිදු විය. ඒ අනුව පිළිගත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් මෙවර ඔලිම්පික් ක‍්‍රිඩා උළෙල

 පසුගිය ජුලී මස 23 ජපානයේ ටෝකියෝ අගනුවර දී විචිත‍්‍රවත් සමාරම්භක උත්සවයකින් ඉක්බිතිව ක‍්‍රියාත්මක කෙරුණු අතර එය පුරා දින 17 කට පසුව හෙට (08* දින සමාප්තියට පත් කෙරේ.

 ජයග‍්‍රහණයට වඩා සහභාගීත්වය උතුම් යන ඔලිම්පික් සංකල්පයට අනුව ගිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුන්වා දෙමින් හා විශිෂ්ට ගණයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් රැුසක් ඉතිහාසයට එක් කරමින් නිමාව දකින මෙවර ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ද නව තාක්ෂණය මුසු කරමින් විචිත‍්‍රවත්ව පැවැත්වීමට ජපාන සංවිධායකයින් කටයුතු කර තිබීම කැපී පෙනේ.

 200 කට වැඩි රටවල  සහභාගීත්වයෙන් පැවැත්වෙන සමාචාර ගමනද මෙම ක‍්‍රීඩා උළෙල ආලෝකමත් කරනවාට නිසැකය. 2024 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ”පැරිස්” නුවරට සුභ පතමින් ”ගිනි සිළුව” භාරදීමේ අවස්ථාව මෙහිදී සිදු කෙරෙන විශේෂත්වයකි.

 මෙවර ක‍්‍රීඩා උළෙලෙහි කණ්ඩායම් ක‍්‍රීඩා අවසන් තරග සහ ජවන හා පිටිය මලල ක‍්‍රීඩා අවසන් තරග ඉසව් රැුසක් අද (07* සහ හෙට (08* ක‍්‍රියාත්මක කෙරේ.

 අවසන් මලල ක‍්‍රීඩා ඉසව්ව ලෙස පිරිමි මැරතන් තරගය මෙන්ම පැසිපන්දු , බොක්සිං, පාපැදි, හෑන්ඞ්බෝල්, ජිම්නාස්ටික්, වොලිබෝල් සහ වෝටර් පෝලෝ අවසන් තරග හෙට (08* පැවැත්වේ.

 අද (07* බ‍්‍රසිලය සහ ස්පාඤ්ඤ අතර පිරිමි පාපන්දු අවසන් තරගය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය අතර පිරිමි බේස්බෝල් අවසන් තරගය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප‍්‍රංශය අතර පිරිමි පැසිපන්දු අවසන් තරගය, ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය අතර පිරිමි හෑන්ඞ්බෝල් අවසන් තරගය, ප‍්‍රංශය සහ සෝවියට් රුසියාව අතර පිරිමි වොලිබෝල් අවසන් තරගය ඇතුළුව බීච් වොලිබෝල්. බොක්සිං. පාපැදි. කිමිදුම්. අශ්වාරෝහක. මල්ලවපොර. ජිම්නාස්ටික්. කරාටේ.පිහිනුම් සහ මලල ක‍්‍රීඩා අවසන් ඉසව් ක‍්‍රියාත්මක කෙරෙන අතර එහිදී ලබා ගන්නා පදක්කම් මෙවර ක‍්‍රීඩා උළෙලේ ශූරයින් තීරණය කිරීම සඳහා බෙහෙවින් උපකාරී වනු නිසැකය.


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment