2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරාධිතයන් දසදහස දහසට බසී

149

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සඳහා සහභාගි වන ආරාධිතයන් සංඛ්‍යාව උපරිමය දහස දක්වා සීමා කර ඇත.

සමාරම්භක උත්සවය සඳහා මීට පෙර දසදහසක පිරිසකට ආරාධනා කිරීමට ඔලිම්පික් සංවිධායකයින් බලාපොරොත්තුවෙන් සිටියද කොවිඞ් තත්ත්වය හේතුවෙන් එම සංඛ්‍යාව දසදහසේ සිට දහසේ සීමාව දක්වා අඩුකර ඇත.

කොවිඞ් රෝගීන් දිනෙන් දින ඉහළ යමින් පැවතීම හේතුවෙන් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කර ඇති ටෝකියෝ නගරයේ ඇරඹෙන එම සමාරම්භක උත්සවය සඳහා ජාත්‍යන්තර ආරාධිතයකු ලෙස ඇමෙරිකානු ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් මහත්මිය ද සහභාගිවීමට නියමිතය.

ජපාන අධිරාජ්‍යයා වන නොරුහිටෝ මහතා ද තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගි වේ. ශ‍්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ද සමාරම්භක උත්සවයේ ආරාධිතයකු වුවද ඒ මහතා ඒ සඳහා සහභාගි නොවන බව වාර්තා වේ. ශ‍්‍රී ලංකාවෙන් සමාරම්භක උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස තරුණ හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වය ස්ථිර කර ඇත.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය ජනවාරි 22 වැනිදාට පසුව එම නගරයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස රෝගීන් 1149ක් පෙරේදා (14 දා* වාර්තා වී ඇත.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයෙන් තොරව දැඩි සෞඛ්‍ය නීති රීති මධ්‍යයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment