2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල … මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

343

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පිහිණුම් තරගාවලියට ඊයේ (27දා* සවස එක් වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට ද අපේක්ෂිත අරමුණු සාර්ථක කර ගැනීමට නොහැකි විය.
 
 මීටර් 100 නිදහස් ආර ඉසව්වේ සිව් වන මූලික වටයට පළමු මං තීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහට එහිදී හිමිවූයේ අවසන් ස්ථානයයි.
 
 නියමිත දුර සාර්ථකව අවසන් කිරීමට මැතිව් අබේසිංහ සමත් වූ අතර ඒ සඳහා ඔහුට තත්පර 50.62 ක කාලයක් ගත විය. ඒ වනවිට ප‍්‍රතිවාදී සියලූ ක‍්‍රීඩකයින් තරගය නිමා කර තිබීම කැපී පෙනුණි.

medels
 
 05 වන මංතීරුවෙන් තරග වැදුණු හොංකොං ක‍්‍රීඩකයා මෙම වටයේ ප‍්‍රථම ස්ථානය දිනාගත් අතර ඔහුට ගතවූ කාලය තත්පර 49.49 කි.
 
 එහි දෙවන ස්ථානය ආර්මේනියානු ක‍්‍රීඩකයාට (තත්: 49.78* ද තෙවන ස්ථානය සයිප‍්‍රස් ක‍්‍රීඩකයාට (තත්:50.00* ද සිව් වන ස්ථානය උස්බෙකිස්ථාන ක‍්‍රීඩකයාට (තත් :50.14* ද පස්වැනි ස්ථානය සිම්බාබ්වේ ක‍්‍රීඩකයාට (තත් : 50.31* ද හයවැනි ස්ථානය මොරොක්කෝ ක‍්‍රීඩකයාට ( තත්: 50.37* ද හත්වන ස්ථානය පින්ලන්ත ක‍්‍රීඩකයාට (තත්: 50.48* ද හිමි වූහ.
 
 මීටර් 100 නිදහස් ආර ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මූලික වටයේ තරග 09 ක් ක‍්‍රියාත්මක කරන්නට සංවිධායකයින්ට සිදුවිය. මේ සඳහා සහභාගි වූ ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 70 කි.
 
– අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment