2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය… දිනේෂ්, සමිත, සම්පත් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් අද තරග බිමේ

452

මෙවර ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවේ වැඩිම බලාපොරොත්තුව බවට පත්වී සිටින හෙල්ල විසිකිරීමේ ශූර දිනේෂ් පි‍්‍රයන්ත සමගින් සමිත් දුලාන් සහ චමින්ද සම්පත් අද දින (30 වැනිදා) එම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

එක අතක් අකී‍්‍රය හෝ නොමැති එෆ්46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි

වන දිනේෂ් පි‍්‍රයන්ත මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයටද පත්විය. මෙරට කී‍්‍රඩකයන් අතරින් පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලකදී පදක්කමක් දිනා ගත් දෙවැනි කී‍්‍රඩකයා ලෙසින් වාර්තා පොතට එක්වන දිනේෂ් 2016 වසරේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. මීට අමතරව ඔහු 2017 දී සහ 2019 වසරේදී ලෝක පැරා මලල කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලාභියකුද වේ.

පාදයක් අහිමි හෝ අකී‍්‍රය එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන චමින්ද සම්පත් 2016 වසරේදී රියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල නියෝජනය කළ කී‍්‍රඩකයෙකි.

වළලූකර ආශී‍්‍රත ආබාධයකට ලක්ව සිටින සමිත දුලාන් එෆ් 44 කාණ්ඩයෙන් මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී තරග බිමට පිවිසේ. 2018 වසරේදී යුද හමුදා පැරා මලල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූ දුලාන් 2019 වසරේදී ඩුබාහි පැවැති ලෝක ශූරතා මලල කී‍්‍රඩා උළෙල නියෝජනය කිරීමට ද සමත්විය.

කසුන් රණවීර…
ඡායාරූප – ද පපරේ

advertistmentadvertistment
advertistmentadvertistment