2020 සිසු හෙද පුහුණු පාඨමාලාව තෙපරබායි… සිසුහු ජනපතිටත් දුක ලියති

196

2020 සිසු හෙද පුහුණු පාඨමාලාවට ඇතුළත් කර ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්‍ෂණ මේ දක්වා ප්‍රමාදවීම හේතුවෙන් එම පාඨමාලාව සඳහා අයදුම් කළ ශිෂ්‍යයන් දහස් ගණනක් දැඩි මානසික පීඩනයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව වහා අවධානය යොමුකර තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව එම ශිෂ්‍යයෝ පවසති.

මේ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ මෙසේද සඳහන්ය.

2018/2019 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල වලට අදාළව 2020 සිසු හෙද පුහුණු පාඨමාලාව සඳහා සිසුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ප්‍රමාදවීම සම්බන්ධවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2018 සහ 2019 යන වර්ෂයන්හිදී අ.පො.ස. උසස් පෙළ විභාගයට විද්‍යා විෂය ධාරාවන්ගෙන් පෙනී සිට ඉන් සමත් වූ නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට වරම් නොලැබූ සිසුන් සඳහා 2021.12.31 දින පළවූ අංක 2.261 දරන ගැසට් පත්‍රයෙන් මේ සඳහා අයදුම්පත් කැඳවන ලදී.

ගැසට් නිවේදනයේ නව සංශෝධන ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවත්නා රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල විද්‍යායතනයක උපාධි පාඨමාලාවක් සඳහා අභ්‍යන්තර ශිෂ්‍යයකු වශයෙන් හෝ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ පූර්ණකාලීන පාඨමාලාවක හෝ අ.පො.ස. උසස් පෙළ සුදුසුකම් මත ලියාපදිංචි වී සිටින, හදාරමින් සිටින අය 2020 සිසු හෙද පුහුණු පාඨමාලාවට සුදුසුකම් නොලබන බව දන්වා ඇත. හෙද වෘත්තියෙහි නියැලීමට අපේක්‍ෂාවෙන් පසුවන බොහෝ සිසු සිසුවියන් ප්‍රමාණයක් ඉහත සඳහන් කළ ආකරයේ කිසිදු පාඨමාලාවකට හෝ ඇතුළත් නොවී අධ්‍යාපන අවස්ථාද මගහැර ගනිමින් වසර කිහිපයක සිට සිසු හෙද පුහුණු පාඨමාලාව වෙනුවෙන් බලා සිටිති. එමෙන්ම මේ සඳහා අයදුම් කළ බහුතරය වයස අවුරුදු 25 ඉක්මවීමට ආසන්න හෙයින් සිසු හෙද පුහුණු පාඨාලාවට සුදුසුකම් නොලැබුවහොත් රජයේ වෙනත් පාඨමාලාවකට අයදුම් කිරීමට වුවද වයස් සීමාව බාධාවකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment