2021 උසස් පෙළ විශිෂ්ටයින් වෙනුවෙන් පිරිනැමෙන ‘BOC නැණ ජය ශිෂ්‍යත්ව’ සඳහා අයදුම්පත් කැඳවේ

48

ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනික සිහිනයට අත්වැලක් වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය’ උසස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ලංකා බැංකුව නිවේදනය කරයි.

2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දරු දැරියන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සෑම වසරකම රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීමට ලංකා බැංකුව කටයුතු කර ඇති අතර, 2021 වසර සඳහා ද ශිෂ්‍යත්ව 382ක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දිවයින පුරා විහිදුණු 647 ක් වූ ලංකා බැංකු ශාඛා ජාලයේ 18+ හෝ 18+ SmartGen ගිණුම් පවත්වා ගනිමින් බැංකුව සඳහන් කර ඇති පරිදි ගිණුමේ අවම ශේෂය පවත්වාගෙන යන, 2021 වසරේදී ජීව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 6 ඔස්සේ අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අයදුම්පත් www.boc.lk වෙබ් අඩවියෙන් බාගත (Download) කරගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් පාසල් නිල ඇඳුමින් ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමඟ සහකාර මහා කළමනාකරු (අලෙවි), අලෙවි අංශය, 16 වැනි මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය, ලංකා බැංකු චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනය වෙත 2022 දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රථම එවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment