2021 වසරේ දී  ළමා හිංසන පැමිණිලි 3373 ක්

223

2021 වසරේ දී ළමා හිංසනයන්ට ලක්වීමේ පැමිණිලි 3373ක් ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට වාර්තා වී ඇත.

ඉන් වයස අවුරුදු 05ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598ක් වාර්තා වී තිබේ. මෙම හිංසන සිදුවීම්වලින් 252ක් ගැහැනු ළමුන් සම්බන්ධව ද 346ක් පිරිමි ළමුන් සම්බන්ධව ද ලැබී ඇත.

ළමා හිංසනයට ලක්වීම්වලින් වැඩිම ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ පියා අතිනි. 2021 වසරේ වාර්තා වී ඇති එවැනි හිංසන ගණන 1342කි. මව අතින් හිංසනයට ලක්වීම් 718ක් ද වාර්තා වී තිබේ.

මව සහ පියා දෙදෙනාම අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 19ක් ද භාරකරු අතින් හිංසනයට ලක්වීම් 64ක් ද ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතින් හිංසනයට ලක්වීම් 98ක් ද ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට වාර්තා වී ඇත.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දරුවන් අතින් සිදුවන අතපසුවීම් වෙනුවෙන් ශාරීරික දඬුවම් කිරීම වෙනුවට කාරුණිකව පෙන්වාදී ධනාත්මකව නිවැරදි කර ගැනීමට උදව් කිරීමට දෙමාපියන් සහ වැඩිහිටියන් අවධානය යොමුකළ යුතු බව ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පවසයි.

එසේ ළමා කෲරත්වය සම්බන්ධව යම් තොරතුරක් ලදහොත් වහාම ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment