2021 ජාතික ටෙනිස් ශූරතාවලිය ශූරයා – යසිත ශූරිය -අංජලිකා

172

106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ 2021 වසරේ පිරිමි විවෘත කේවල අංශයේ ශූරයා බවට පත් වන්නට මාස් හෝල්ඩින්හි යසිත ද සිල්වා සමත්විය. එ් චාතුර්ය නිලවීර සමගින් පැවැති අවසන් මහා තරගය තරග වට 2-0ක් (7/6(3)ක් සහ 6/4ක්) ලෙස ජය ගනිමිනි. යසිත ද සිල්වා පසුගිව 2020 වසරේදී පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේද පිරිමි විවෘත කේවල ශූරතාව දිනා ගැනීමට සමත්විය.

2021 ජාතික ටෙනිස් ශූරතාවලිය ශූරයා - යසිත  ශූරිය -අංජලිකා

මේ අතර කාන්තා විවෘත අවසන් මහා තරගයේදී ජනලී මනම්පේරි පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට ආවේ මරියා කන්‍යාරාමයේ අංජලිකා කුරේරා සමත්වූවාය. එහිදී අවසන් මහා තරගයේදී අංජලිකා විසින් තරග වට 2-0ක් (6/3ක් සහ 6/2ක්) ලෙස ජනලී මනම්පේරි පරාජයට පත් කළාය. අංජලිකා විසින් 2019 වසරේදී ද අදාළ ඉසව්වේ ශූරිය බවට පත්වූවාය.

පිරිමි විවෘත කේවල ශූරතාව දිනූ යසිත ද සිල්වා හට කුසලානය පිරිනැමූ අයුරු. මාස් හෝල්ඩින්ස් අධ්‍යක්ෂ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් ඉන් ඉසාක්, උප සභාපති සුජානි බෝගොල්ලාගම සහ උප සභාපති රුක්මාල් කුරේ යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment