2021 දී 5401කට ද්විත්ව පුරවැසි භාවය

150

2021 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කළ 5401 දෙනෙකුට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇත. ඉන් වැඩිම පිරිස වන 1621 ක් ඔස්ටේ්‍රලියාවෙන් ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව පවසයි. එක්සත් රාජධානියෙන් 885 ක්, ඇමෙරිකාවෙන් 795 ක්, කැනඩාවෙන් 371 ක් ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්විඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

මේ අතර 2021 වසරේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර 382,560 ක් නිකුත් කර තිබේ. ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398 ක් නිකුත් කර තිබේ.

2020 වසරේ ගුවන් ගමන් බලපත්‍ර 209,411 ක් නිකුත් කර ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 175 ක්ද ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment