‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ – යොවුන් ශූරයා අවිශ්ක

83

නෙස්ලේ ලංකා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක වූ ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ යොවුන් කාණ්ඩයේ ශූරයා බවට පත්වන්නට අවිශ්ක ජයවික‍්‍රම සමත්විය. එ් කිලෝමීටර් 20ක දුරකින් සමන්විත අදාළ සවාරිය මිනිත්තු 29යි තත්පර 44කින් නිමාවට පත්කරමිනි.

නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය පසුගියදා තරුණ කටයුතු සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ශී‍්‍ර ලංකා පාපාදි සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ සංවිධානයෙන් කොළඹ විහාර මහදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී පැවැත්විණි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට තරංග ප‍්‍රනාන්දු සමත්වූ අතර තෙවැනි ස්ථානය දේශාන් කවින්ද සතුවිය.

නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලියේ යොවුන් කාණ්ඩය සඳහා කී‍්‍රඩකයන් 47 දෙනකු සහභාගි වී සිටියේය.

කසුන් රණවීර

ඡායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment