‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’: වයස 50න් ඉහළ ශූරයා මොහොමඩ්

108

නෙස්ලේ ලංකා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක වූ ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ වයස අවුරුදු 50න් ඉහළ ශුරයා බවට පත් වන්නට මොහොමඞ් මුනාෆ් සමත්විය.

නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය පසුගියදා තරුණ කටයුතු සහ කී‍්‍රඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය මෙහෙයවීමෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී පැවැත්විණි.

එහිදී කිලෝමීටර් 20ක දුරකින් සමන්විත වූ වයස අවුරුදු 50න් ඉහළ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සුසන්ත නන්දලාල් සමත්විය. එහි තෙවැනි ස්ථානය රංජිත් ජයලාල් විසින් දිනා ගන්නා ලදි.

කසුන් රණවීර
ඡායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment