2021 රාජ්‍ය ඵලදායිතා සහතිකය ඇල්ල දුම්රිය ස්ථානයට

432

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දුම්රිය ස්ථානයක් සඳහා වූ රාජ්‍ය ඵලදායිතා සහතිකය මෙවර ඇල්ල දුම්රිය ස්ථානය දිනාගෙන ඇත. එහි ස්ථාන භාර දුම්රිය ස්ථානාධිපති අෂේන්ද්‍ර දිසානායක මහතා සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් වන එස්. ශිවනේවරන්, පී. එන්. එම්. ප‍්‍රියදර්ශන ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම මත මහජන හිතකාමී අලංකාරවත්ව දුම්රිය ස්ථානය පවත්වාගෙන යෑම තුළින් මෙම සහතිකය ලබා ගැනීමට හැකියාව ලබාගෙන ඇත.

එම සහතිකය පෙරේදා (29 දා) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, සෙත්සිරිපායේ දී දුම්රිය ස්ථානාධිපති වෙත ලබාදෙන ලදී.

2021 රාජ්‍ය ඵලදායිතා සහතිකය ඇල්ල දුම්රිය ස්ථානයට
advertistmentadvertistment
advertistmentadvertistment