2021 ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලිය: ගාල්ලට ලකුණු 20ක ජයක්

180

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ මූළික වටයේ සහභාගි වූ අවසන් තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාම ඊයේ (17 වැනිදා) සමත්විය.

ලකුණු ලබා ගැනීමට අපහසු ආර්. පේ‍්‍රමදාස පිටියේදී ලකුණු 130ක ඉලක්කයක් හඹා ගිය යාපනය කණ්ඩායම පන්දුවාර 18.3කදී සියලූ දෙනා දැවී ලකුණු 109කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත්වූහ.

පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් ගාල්ල පිතිකරුවෝ එක් අවස්ථාවක යාපනය පන්දු යවන්නන්ගේ පීඩනයට යටවෙමින් පන්දුවාර 10ක් තුළ කිසිදු හතරේ පහරක් එල්ල කර ගැනීමට අපොහොසත් වී සිටිය. එ් අනුව ගාල්ල ඉනිම පුරා හතරේ පහර 11ක් පමණක් වාර්තා වෙද්දී එකම එක හයේ පහරක් පමණක් වාර්තා වීම කැපීපෙණුනි.

ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ භානුක රාජපක්ෂ එක් හතරේ පහරක් සමගින් ලකුණු 23ක් රැස් කළේය. පන්දු 32කට මුහුණ දුන් ධනුෂ්ක ගුණතිලක එක් හතරේ පහරක් සමගින් ලකුණු 19කට දැවී ගියේය.

ප‍්‍රවීන් ජයවික‍්‍රම පන්දුවාර 3ක් කි‍්‍රයාත්මක කරමින් ලකුණු 13කට ගාල්ල ඉනිමේ කඩුලූ 2ක් බිඳ දැමීය. විජයකාන්ත් වියස්කාන්ත් සහ වහබ් රියාස් කඩුලූ දෙක බැගින් බිඳ දැමීය.

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 129යි (ධනුෂ්ක ගුණතිලක 19, භානුක රාජපක්ෂ 23, මොහොමඞ් හෆීස් 15, සහන් ආරච්චිගේ 14, පුලින තරංග 14, ප‍්‍රවීණ් ජයවික‍්‍රම 13/2, විජයකාන්ත් වියස්කාන්ත් 21/2, වහබ් රියාස් 31/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 18.3කදී සියලූ දෙනා දැවී ලකුණු 109යි (රහමුල්ලා ගුර්බාස් 21, ෂොයිබ් මලික් 23, අෂේන් බණ්ඩාර 18, සමිත් පටේල් 15/2, නූර් අහමඞ් 12/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment