2021 වසරේ ලොව සුපිරි පාපන්දු ක‍්‍රීඩකයා ලයනල් මෙසී

807


පැරිස් ශාන්ත ජර්මේන් පාපන්දු කණ්ඩායමේ සාමාජික සහ ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජික ලොව සුපිරි පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට 2021 වසරේ හොඳම පාපන්දු ක‍්‍රීඩකයා ලෙස බැලෝන් ඩි ඔි සම්මානය හිමිවී ඇත.හත්වැනි වරට මෙම සම්මානය හිමිකරගත් ඔහු මීට පෙර 2009,2010,2011,2012,2015 සහ 2019 වසර වලදී ද හිමිකරගෙන ඇත.ලොව පුරා මාධ්‍යවේදීන් 180ක් විසින් ප‍්‍රකාශ කරන ඡන්දයෙන් මෙම සම්මානය පිරිනමයි.මෙම සම්මානය පස්වතාවක් හිමිකරගෙන සිටින ලොව අනෙක් සුපිරි පාපන්දු ක‍්‍රීඩකයා වන ක‍්‍රිස්ටිනා රොනාල්ඩෝට මෙවර මෙම සම්මාන නාම ලේඛණයේ හය වැනි සිථානය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment