2021 වසරේ මාස 9ක කාලයක් තුළ මහජන බැංකුව සිය ශේෂ පත්‍රය රු.බිලියන 350ක් දක්වා වර්ධනය කර ගනී

71

මහජන බැංකුව 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 9ක කාලය සඳහා පිළිවෙලින් වත්කම් සහ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 349.7ක් සහ රුපියල් බිලියන 276.6ක් ලෙස වාර්තා කරන ලද අතර, එය එම කාලය තුළ 15.7ක සහ 15.1ක ඉහළ වර්ධන වාර්තාවකි.

ශුද්ධ ණය සහ භාණ්ඩාගාර සුරැකුම්පත් ආයෝජන වර්ධනය පිළිවෙලින් රුපියල් බිලියන 167.4ක් සහ රුපියල් බිලියන 191.4ක් විය. ස්වාධීන පදනමක් මත, 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 21ක කාලය තුළ සමස්ත බැංකු අංශයේ වත්කම් සහ ශුද්ධ ණය වර්ධනයෙන් ආසන්න වශයෙන් 20.0ක් මහජන බැංකුව සතු වූ අතර, එය බැංකුව විසින් ජාතික ආර්ථිකයට සහ රජයට ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිඹිබු කරයි. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන වි‌ට බැංකුවේ දළ ණයවලින් 50.0‍්‍රකට ආසන්න ප‍්‍රමාණයක් රජයට සහ වෙනත් රාජ්‍ය ව්‍යවසායන්ට ලබා දී තිබුණි.

2021 සැප්තැම්බර් 30න් අවසන් වූ ඉහත ප‍්‍රකාශ කළ මාස 21ක කාලය තුළ සිය ගනුදෙනුකරුවන්ට සහාය වීමේ අරමුණ ඇතිව බැංකුව ණය සැලසුම් රැසක් හ`දුන්වාදෙනු ලැබීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහාය ලබාදීම සඳහා රුපියල් බිලියන 60.0කට අධික ණය පහසුකම්, 9000කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සඳහා රුපියල් බිලියන 160.1කට අධික නිවාස ණය, ආරක්ෂක අංශවල විශ‍්‍රාමික සහ ආබාධිත නිලධාරීන් වෙනුවෙන් රුපියල් බිලියන 6.0 අධික මුදලක් සහ විවිධ ක්ෂේත‍්‍රයන්හි කලාකරුවන් සඳහා රුපියල් මිලියන 560.0ක කට අධික ණය පහසුකම් ඒ් අතර වේ. ඊට අමතරව, ගාල්ලේ පිහිටි ටෙක්නො පාක් පරිශ‍්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැංකුව රුපියල් මිලියන 750.0ක මුදලක් ද කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන 485.0ක මුදලක් ද සහ ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන්ට රුපියල් මිලියන 260.0ක මුදලක් ද ලබාදෙන ලදී.

2021 මාස 9ක කාලය තුළ වූ සුවිශේෂී සන්ධිස්ථාන දෙස බැලීමේදී ශුද්ධ පොලී ආදායම 38.9කින් ඉහළ ගිය අතර, සමස්ත මෙහෙයුම් ආදායම ආසන්න වශයෙන් 30.0ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ස්ථාවර වත්කමක අගය අඩු වීමේ ගාස්තු (Impairment charges) 10.7කින් ඉහළ නැංවුණු අතර, පුද්ගල නොවන මෙහෙයුම් ගාස්තු කිසිදු ඉහළ යාමකින් තොරව රුපියල් බිලියන 11.6කට ආසන්න අගයකින් පවත්වාගෙන යන ලදී. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට සමස්ත දළ ණයවල කාර්යයක් වශයෙන් බැංකුවේ දළ අදියර 3 ණය පහසුකම් 8.1කට ආසන්න වූ අතර රජය සතු ව්‍යවසායයන්හි අඩුව (OE) හැර දළ අක‍්‍රීය ණය 6.1ක් විය. ඉහත ප‍්‍රකාශිත කාලය තුළ රජය වෙත ගෙවිය යුතු සමස්ත බදු සහ ලාභාංශ අගය රුපියල් බිලියන 9.7ක් විය. 8‍5ක් සහ 12.5ක් වූ අවමය හා සැසදීමේදී 2021 සැප්තැම්බර් මාසය අවසන් වනවිට බැංකුවේ 1 වැනි ස්ථරය සහ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකභාවය පිළිවෙලින් 10.‍2ක් සහ 15.5‍්‍රක් ලෙස සටහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment