2021 වසරේ ශ‍්‍රී ලාංකේය බැංකුව ලෙස ලංකා බැංකුව සම්මානයට පාත‍්‍ර වෙයි

258

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව ‘‘2021 වසරේ ශ‍්‍රී ලාංකේය බැංකුව’’ ලෙස බි‍්‍රතාන්‍යයේ The Banker සඟරාව මගින් සම්මානයට පාත‍්‍ර කර තිබේ.

පසුගියදා ලන්ඩනයේ පැවැත්වූ සම්මාන උළෙලේදී මෙම සම්මානය ලංකා බැංකුවට හිමිවිය. ශ‍්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත නගාසිටුවමින් ලංකා බැංකුව රට වෙනුවෙන් සිදුකරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමන ලදී.

2021 වසරේ ශ‍්‍රී ලාංකේය බැංකුව ලෙස ලංකා බැංකුව සම්මානයට පාත‍්‍ර වෙයි

2012 වසරේ සිට අඛණ්ඩව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම බැංකු 1,000 අතරට එක්වී සිටින ලංකා බැංකුවට, බි‍්‍රතාන්‍යයේ The Banker සඟරාව මගින් පිරිනැමූ මෙම සම්මානය තවත් අභිමානයකි. Brand Finance Lanka විසින් ශ‍්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙස ලංකා බැංකුව ලැයිස්තුගත කර ඇති අතර එහි සන්නාම වටිනාකම 2021 වසර ස`දහා බිලියන 53 ඉක්මවිය. එය දේශීය බැංකුවක් විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සන්නාම වටිනාකමයි.

පසුගිය කාලසීමාව පුරා මුහුණදීමට සිදුවූ සියලූ අභියෝග හමුවේ මෙම සම්මානය හිමිකරගැනීම පිළිබ`ද මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි මහතා මෙසේ පැවසීය. දශක 8කටත් වඩා වැඩි කාලයක් රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ලංකා බැංකුව කටයුතු කළා. මේ වසරේදී බි‍්‍රතාන්‍යයේ The Banker සඟරාව මගින් වසරේ ශ‍්‍රී ලාංකේය බැංකුව ලෙස ලංකා බැංකුව නම් කිරීම අපට අභිමානයක්. මේ ඇගයීම වෙනුවෙන් කැපවුණු ලංකා බැංකු කාර්ය මණ්ඩලයට සහ ගනුදෙනුකාර ප‍්‍රජාවට අපගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.

ලංකා බැංකුව සැමවිටම ජනතාවත් සමගම සිටින දේශීය බැංකුවක්. මුළු ලොවම මුහුණ දුන් කොවිඞ් වසංගත කාලය තුළදී ව්‍යාපාර අඩපණ වී මූල්‍යමය අතින් අපහසුතාවයන්ට පත්වුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට සහ වෘත්තිකයන්ට ලංකා බැංකුව සහන රැසක් ලබාදෙන්නට කටයුතු කළා. රට වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් අපගේ උපරිම සහය ලබාදෙන්නට ලංකා බැංකුව ඇපකැප වී සිටිනවා.’’ යනුවෙන් ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා සිය අදහස් දැක්වීය.

මෙම වසරේදීත් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් Fitch Rating Lanka ආයතනය මගින් පිරිනමන AA-(lka) ශ්‍රේණිගත කිරීම ලංකා බැංකුවට හිමිවිය.

මෙම සියලූ සේවා ප‍්‍රවේශයන් තුළින් සියලූ සමාජ මට්ටම්වල පුරවැසියන්ට මූල්‍ය සාක්ෂරතාව ඇති කරමින් සහ ප‍්‍රතිලාභ ලබාගැනීම ස`දහා බලගන්වමින් ලාංකේය බැංකු පද්ධතිය තුළ කි‍්‍රයාකාරී කොටසක් ඉටු කරන්නට ලංකා බැංකුව ඇපකැප වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment