2021 විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය… පළමු තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

299

2021 විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය ඊයේ (18 වැනිදා) නැමීබියානු කණ්ඩායම සමගින් පැවැත්විණි. ඒ අනුව ඊයේ ‘දිවයින’ මුද්‍රණයට යන අවස්ථාවේදී පන්දුවට පහරදෙමින් සිටි නැමීබියානු කණ්ඩායම පන්දුවාර 10කදී කඩුලූ 02ක් දැවී ලකුණු 54ක් ලබා සිටියේය.

අබුඩාබි හි සේඞ් සයිඞ් කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනු ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැුකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් ඉනිම දියත් කළ නැමීබියානු කණ්ඩායමේ පළමු කඩුලූ දෙකම මහීෂ් තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේය. ඒ අනුව ලකුණු 07ක් ලබා සිටි ස්ටෙපන් බර්ඞ් නැමීබියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලූ ලකුණු 10දී දැවී යද්දී දෙවැනි කඩුල්ල ලෙසින් ෂේන් ගී‍්‍රන් ලකුණු 8කට දවා ගැනීමට තීක්ෂණ සමත්විය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පළමු වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග වදිනු ලබයි. ඒ අනුව අයර්ලන්තය, නැමීබියාව සහ නෙදර්ලන්තය ‘ඒ’ කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර

නැමීබියානු කණ්ඩායම – ගෙර්හාඞ් ඉරුස්මස් (නායක), ජේජේ ස්මිත්, ස්ටෙපන් බාර්ඞ්, ජාන් ෆ‍්‍රයිලින්ක්, ෂේන් ගී‍්‍රන්, ජාන් නිකෝල්, බර්නාඞ් ස්කොල්ට්ස්, රුබෙන් ට‍්‍රම්පෙල්මන්, ඬේවිඞ් විඑස්, කේ‍්‍රග් විලියම්ස්. පික්කි යා ෆ‍්‍රාන්ස්.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට….

advertistmentadvertistment
advertistmentadvertistment