2021 වේදිකාවේ විශිෂ්ටයෝ සමිත සහ සාරදා

319

ලලිතා සරච්චන්ද්‍ර…..

රාජ්‍ය නාට්‍ය උළෙල 2021 ඉතා අභිමානවත් ලෙස ඉකුත්දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ. මෙවර 2021 වසරේ දිගු නාට්‍ය අංශයේ විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි සම්මානය සමිත සුධීෂ්වර දිනා ගත්තේ ඌරෝ අතර පෝක් නාට්‍යයේ රංගනය වෙනුවෙනි. ඇන්ටික් කඬේ මරණයක් නාට්‍යයේ විශිෂ්ට රංගනයක නියැළුන නියොනි සාරදා පතිරගේ 2021 වසරේ වේදිකාවේ හොඳම රංගන ශිල්පිනිය ලෙස එහිදී සම්මානයට පාත‍්‍ර වූවාය.

2021 වේදිකාවේ විශිෂ්ටයෝ සමිත සහ සාරදා
නීල් අලස්

කෙටි නාට්‍ය අංශයේ මෙවර විශිෂ්ටතම රංගන ශිල්පියා ලෙස රන්මල් යහනක සැතපී වේදිකා නාට්‍යයේ දේශාන් සේනාරත්න හිමිකර ගන්නා විට වසරේ කෙටි නාට්‍ය හොඳම නිළියට හිමි සම්මානයට හිමිකම් කීවේ ෆ්ලවර්ස් නාට්‍යයේ චරිත නිරූපණය කළ ආශා පීරිස් ය.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදි වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයට විසල් මෙහෙවරක් කළ ප‍්‍රවීණයන් තිදෙනෙක් නාට්‍ය කීර්ති සම්මානයෙන් ඇගයීමට ලක් කිරීමද විශේෂත්වයක් විය. මෙසේ ඇගයීමට ලක්වූයේ දීර්ඝ කාලයක් තිස්සේ වේදිකා නාට්‍ය ප‍්‍රගමනයට දායක වූ ලලිතා සරච්චන්ද්‍ර, නීල් අලස් සහ එෆ්. ජූල්ස් කොලින් කලාකරුවන් ය.

2021 වේදිකාවේ විශිෂ්ටයෝ සමිත සහ සාරදා
එෆ්. ජූල්ස් කොලින්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන පිරිනැමීම සිදුවිය.

ඡායාරූප – යූ.කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment