2021 හොඳම කෙටි චිත‍්‍රපටය Beyond the hills

273

සම්ප‍්‍රසාද රාජ්‍ය කෙටි චිත‍්‍රපට සම්මාන 2021 උළෙලේ හොඳම කෙටි චිත‍්‍රපටයට හිමි සම්මානය ”Beyond the hills’’ අධ්‍යක්ෂණය කළ ලසිත දේනුක සුමනරත්න දිනාගත් අතර, දෙවන ස්ථානය රාහුල් කුමාර්ගේ ”Mr.flex’’ සහ තෙවන ස්ථානය රාහුල ජයසේකරගේ ”Black Money’’ යන කෙටි චිත‍්‍රපටවලට හිමිවිය.

2021 හොඳම කෙටි චිත‍්‍රපටය Beyond the hills
2021 හොඳම කෙටි චිත‍්‍රපටය Beyond the hills

සම්ප‍්‍රසාද රාජ්‍ය කෙටි චිත‍්‍රපට උළෙලේ හොඳම නළුවා සහ නිළිය ලෙස අභිකේෂක ලැබුවේ ”Beyond the hills’’ චිත‍්‍රපටයේ රංගනයේ යෙදුණු දුමින්ද සඳරුවන් සහ තක්ෂිලා නිල්මිණිය. හොඳම කැමරාකරණය වෙනුවෙන් ජනිත පැතුම්, හොඳම සංස්කරණය සඳහා මහේෂ් ගුණවර්ධන සම්මානිත වෙද්දි චිත‍්‍රපට උළෙලේ හොඳම තිර රචනය සඳහා The queen රචනය කළ joel jsirus සම්මානයට පාත‍්‍ර විය. සිනමාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය පිරිණැමීමද මෙහිදී සිදු වූ අතර එයට හිමිකම් කීවේ මෙරට කෙටි චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සඳහා විසල් මෙහෙවරක් කළ ප‍්‍රවීණ සිනමාකරු සුගතපාල සෙනරත් මහතාය. ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ”2021 සම්ප‍්‍රසාද රාජ්‍ය කෙටි චිත‍්‍රපට සම්මාන උළෙල’’ සංවිධානය කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික චිත‍්‍රපට තරංගනී ශාලාවේදී පෙරේදා 23දා සම්ප‍්‍රසාද රාජ්‍ය කෙටි චිත‍්‍රපට උළෙල පැවැත්විය.

  • තිස්ස
    ඡායාරූප – සමන් රණවීර
advertistmentadvertistment
advertistmentadvertistment