2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීමේදී SLT-MOBITEL තවදුරටත් සන්නිවේදන ක්ෂේත්‍රයේ අංක 1 තහවුරු කරගනියි

74

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම් අනුව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. විශිෂ්ට කාර්යසාධනය, යහපත් මූල්‍ය වර්ධනය සහ ආර්ථිකයට ලබාදුන් දායකත්වය යන සාධක සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL වෙත මෙම ඇගයීම පිරිනමා තිබේ. 2021-2022 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පෙර නොවූවිරූ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය. කෙසේ නමුත් එකල පැවති අභියෝගකාරී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ පවා මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය අඛණ්ඩව පවත්වා ගැනීමට SLT-MOBITEL සමත් විය. එමෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව තුළ පවා ජනතාවට අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් සැලසීමටත්, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඩිජිටල් ක්‍රමයට තම එදිනෙදා කටයුතු සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් SLT-MOBITEL කටයුතු කළේ ය. මීට අමතර තම ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය අඛණ්ඩව ක්‍රියාවට නංවමින්, අනාගත වෙනස්කම්වලට ගැළපෙන නවීන තාක්ෂණයන් භාවිතයට ගැනීමට SLT-MOBITEL පියවර ගත් අතර, එම නිසා මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස SLT-MOBITEL සතු ස්ථානය තවදුරටත් තහවුරු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජයග්‍රාහකයන්ට සම්මානය ප්‍රදානය කිරීම සිදුකෙරිණි. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සහ සමාගම් හා ආයතන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. SLT-MOBITEL වෙනුවෙන් සම්මානය පිළිගන්නා ලද්දේ එහි සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment