2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත්‍රිත්වයක්

90

ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් පවත්වන ලද 2021 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සමාගමේ අංශ ප්‍රධානීන් තිදෙනෙකු සම්මානයට පාත්‍ර විය.

ඵලදායී කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ‘Lead Right’ වැනි ප්‍රමුඛ වැඩසටහන් හරහා සමාගමේ සෑම අංශයකම සිටින කළමනාකරුවන් ඵලදායී හා පරිවර්තනීය නායකයින් බවට පත් කිරීමට එයාර්ටෙල් ලංකා අරමුණු කරයි- දේශීය ආයතන සහ එයාර්ටෙල් ගෝලීය නායකත්ව ඇකඩමිය වැනි හවුල්කාරීත්වයන් සමඟ එක්ව එයාර්ටෙල් නිරන්තරයෙන් එවැනි වැඩසටහන්වල නිරත වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ “විශිෂ්ට සේවාවක් ලබා දීමේ අපගේ ආයතනික ක්‍රියාවලිය තුළ ඉදිරියේදී ඇති විය හැකි ගැටළු අවශ්‍යතා හා වෙනස්කම් පිළිබඳව කල්තියා ක්‍රියාත්මක වන අතරතුර අපගේ කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින් අතර නායකත්වය සහ උපායමාර්ගික කුසලතාවන් වර්ධනය කිරීමට ද අප උත්සාහ කරනවා. ලබා ගත් මෙම ජයග්‍රහණයන් නිසැකවම උගත් සහ බහුවිධ කුසලතාවලින් යුත් නායකයින් ඇති කිරීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.” යනුවෙනි-

මෙහිදී එයාර්ටෙල් ලංකා හි මූල්‍ය අංශයේ, ව්‍යාපාර සැලසුම්කරණ හා විශ්ලේෂණ ප්‍රධානී, එරන්ද සිරිවර්ධන සහ Contact Experience, ප්‍රධානී, ෆාවාස් නිසාම්ඩීන්, “ආයතනික දැක්ම අනුව කටයුතු කිරීම” යන කාණ්ඩයෙන් සම්මානයට පාත්‍ර වූ අතර Channel Accounting, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, දුමින්ද අකලංක, “මෙහෙයුම් ප්‍රතිඵල සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය” යන කාණ්ඩයෙන් සම්මානය පාත්‍ර වීම කැපී පෙනිනි-

advertistmentadvertistment
advertistmentadvertistment