2021 CMA සම්මාන උළෙලේදී ලංකා බැංකුවට සම්මාන ති‍්‍රත්වයක්

109

පසුගියදා Iìtitute of Certified Management Accountants of Sri Lanka (CMA) ආයතනය විසින් පවත්වනු ලැබූ CMA සම්මාන 2021හිදී ලංකා බැංකුව හොඳම වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය :Best Disclosure on Value Creation) රාජ්‍ය ව්‍යවසායන් අතරින් හොඳම සමෝධානික වාර්තාකරණය (Best Integrated Report – State Owned Enterprises) හා වසරේ හොඳම සමෝධානික වාර්තා කරණ 10 අතර ස්ථානගත වීම (Among the 10 Best Integrated Report of the Year) යන සම්මාන ත‍්‍රිත්තවය දිනා ගන්නා ලදී.

CMA ආයතනය අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලැබූ මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ වාර්ෂික වාර්තාකරණ අංශය තුළ පවත්වනු ලබන සුවිශේෂී සම්මාන උළෙලක් බව පැවසුවහොත් එය නිවැරැදිය. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහභාගිවූ අතර ඊට සහභාගිවූ ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකරු, ප‍්‍රධාන මූල්‍ය නිලධාරි රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (මූල්‍ය හා සැලසුම්) රුවන් කුමාර, සහකාර මහා කළමනාකාරිනී සීතා රුවයිස් යන මහත්ම මහත්මීහු ප‍්‍රධාන ලංකා බැංකුවේ මූල්‍ය හා ගිණුම් ඒකකයේ නිලධාරිහු අදාළ ජයග‍්‍රාහි සම්මාන ලබාගත්හ. CMA මගින් පවත්වන මෙම සම්මාන උළෙලෙහි ජයග‍්‍රාහී ආයතන තෝරා ගැනීමේදී සංක්‍ෂිප්තභාවය, ප‍්‍රාග්ධනය, භෞතික වටිනාකම්, වටිනාකම නිර්මාණය, උපායමාර්ග, ඒකාබද්ධ චින්තනය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු වාර්තාකරණය සහ වාර්තාකරණයේ විවිධත්වය යන අංශ පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. එමෙන්ම මෙහිදී දෙස් විදෙස් කීර්තියට පාත‍්‍රවී සිටින වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග‍්‍රාහකයන් තෝරා ගැනීම නිසා එහි අගය තවත් වැඩිවන බව පැවසිය හැකියි යනුවෙන් ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකරු, ප‍්‍රධාන මූල්‍ය නිලධාරි රසල් ෆොන්සේකා මහතා මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේය.

සම්මාන සඳහා සුදුසුකම් ලැබූ ආයතන 41ක් අතුරින්, ඒකාබද්ධ වාර්තාකරණයේදී International Integrated Recording Council (IIARC‍) හි මූලික සිද්ධාන්තයන් පිළිබිඹු වන්නේ දැයි නිසි ඇගයුමට ලක් කිරීමෙන් අනතුරුව මෙම සම්මාන ලංකා බැංකුව වෙත ප‍්‍රදානය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment