2022දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වැඩ වැඩිවෙයි

585

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ 2022 වසරට අදාළ තරග කාල සටහන ප‍්‍රකාශයට පත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගියදා පියවරගෙන තිබිණි. එ් අනුව එම කාල සටහනට අනුව මෙම වසරේදී ශී‍්‍ර ලංකාව ආසියානු කුසලාන තරගාවලියේදී සහ ඔස්ටේ‍්‍රලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ සමගින් ජාත්‍යන්තර තරගාවලි 3කදී සත්කාරකත්වය දැරීමට නියමිතව තිබේ.

මෙම වසරේ පළමු සත්කාරක තරගාවලිය ලබන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් මහනුවර පල්ලකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර එක්දින තරග 3කින් සමන්විත එම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරගාවලිය යටතේ කි‍්‍රයාත්මක වේ.

මීට අමතරව මෙම වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කට සහභාගිවීමට නියමිත අතර ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් තරග 2ක්, බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2ක්, ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 2 ක් වශයෙන් ශ‍්‍රී ලංකාව එහිදී තරග වැදීමට නියමිතය.

2022දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වැඩ වැඩිවෙයි

තවද ශී‍්‍ර ලංකාව අගෝස්තු මාසයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්ව දැරීමට නියමිතව තිබේ. අනතුරුව ඔක්තෝම්බර් මසදී ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යෑමට නියමිත අතර මෙම ජාත්‍යන්තර තරගාවලිවලට අමතරව වසර අවසානයේදී ලංකා පි‍්‍රමියර් ලීග් තරගිවලියේ තෙවැනි අදියරද කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබේ.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජුනි මාසයේදී දීරඝ තරග සංචාරයකට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම තරගාවලියට ආකෘතීන් තුනම ඇතුළත්වීම විශේෂත්වයකි. ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි – 20 තරග 3 ක් එම සංචාරයට ඇතුළත්ය.

ඉන්දියාවට එරෙහිව අවස්ථා 2 කදී තරගාවලි දෙකකට ශ‍්‍රී ලංකාව සහභාගිවීමට නියමිත අතර එම තරගාවලි දෙකම ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. පෙබරවාරි සහ මාර්තු මසදී ටෙස්ට් තරග 2 කට සහ විස්සයි-20 තරග 3 කට ඉන්දියාවට යන ශ‍්‍රී ලංකා පිල නැවතත් දෙසැම්බර් මසදී ද ඉන්දියාවේ තරග කිරීමට නියමිතවේ. දෙසැම්බර් මස තරගාවලිය ස්ථීර වී තිබුණත් එම සංචාරයේදී සහභාගිවන්නේ කුමන ආකෘතියේ තරගද යන්න මේ වන විටත් තීරණය වී නොමැත.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment