2022 මොකද වෙන්නේ

173

ඩිස්නි සීරුවෙන්

 මම ප‍්‍රධාන චරිතය රඟපාපු සීරුවෙන් ෆිල්ම් එක 2022දී එන්න තියනවා. තවත් නිර්මාණ කිහිපයකටම රඟපෑම සඳහා මේ වෙද්දිත් ආරාධනා ලැබිලා තියෙනවා. මෙගා ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කළාට තවමත් මම ා්බජසබට ජදඩැර එකක්වත් කරලා නැහැ. මම නර්තනයට කැමැතියි සහ නර්තනය අතහරින්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඩාන්සින් කවර්ස් කිහිපයක්ම ලබන අවුරුද්දේ කරන්න ප්ලෑන් කරලා තියෙනවා. මම මගේ අම්මත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. මෙගා ස්ටාර් කටයුතුත් එක්ක මට අම්මට සහයෝගයක් දෙන්න බැරි වුණා. ඒ නිසා 2022 ජාත්‍යන්තර පාසලට වැඩි අවධානයක් දෙන්න මම තීරණය කළා.

 මේ වෙද්දි මම කුඩා දරුවන්ට ඉංග‍්‍රීසි පද්‍ය රචනා පොත් කිහිපයක්ම ලියලා තියෙනවා. තවත් පොත් කිහිපයක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂම කාරණය තමයි කොවිඞ් නිසා අපට පිටරටවල්වල ප‍්‍රසංග වලට යන්න තිබුණු අවස්ථාව නැති වුණා. නමුත් දිගින් දිගටම පිටරට ප‍්‍රසංග වලට ආරාධනා ලැබෙනවා. 2022 අවුරුද්දේ මේ තියෙන ප‍්‍රශ්න යම්තාක් දුරට හරි විසඳිලා ඒ ප‍්‍රසංග වලට සහභාගි වෙන්න අවස්ථාව උදා වෙයි කියලා මම හිතනවා.


 සංගීත්ගෙන් සින්දුවක්


 2022 අවුරුද්දෙත් කලා කටයුතු වලට වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල හිරු ටීවී එකේ විකාශය වන ෂැඩෝ ටෙලිනාට්‍යයේ මගේ චරිතය ජනවාරි මාසයේ ඉඳලා පේ‍්‍රක්ෂකයන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම චරිත් අබේසිංහගේ නිර්මාණයක් වන චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ කපුරුවා කියන චරිතය භාර ගත්තා. ඒකේ රූගත කිරීම් මේ දිනවල සිදු කරනවා. ටිකිරි රත්නායක මහත්මයාගේ අලූත් වැඩක් භාර අරගෙන තියෙනවා.

 රඟපෑම් කටයුතුවලට අමතරව ි්බටැැඑය ඩකදටි එකෙන් අලූත්” වෙනස් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දිත් ව්ලොග් එකේ හැම දෙයක් ගැනම වැඩසටහන් තියෙනවා. ඉදිරියේදී තවත් අලූත් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අලූත් සිංදුවක් කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ප්ලෑන් කරගෙන හැම දෙයක්ම සමබරව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


 රුක්ෂානාගෙන් නර්තනයට වැඩිඉඩක්


 සතුටින් ඉන්න එක තමයි පළවෙනි බලාපොරොත්තුව. ලබන අවුරුද්දේ මගේ නර්තන කණ්ඩායමේ සහ නර්තන පාසලේ වැඩ කටයුතු වලට වැඩි අවදානයක් දෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනටත් මගේ නර්තන පාසලේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒක වැඩි දියුණු කරගන්න කටයුතු කරනවා. කලා ක්ෂේත‍්‍රයේ වැඩ කටයුතු ගැන කතා කළොත් මට මේ වෙද්දි ටෙලිනාට්‍යයක රඟපෑම සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ රූගත කිරීම ජනවාරි මාසේ පටන් ගන්නවා. ලබන අවුරුද්දේ මම රංගනයෙන් දායක වුණු චිත‍්‍රපට දෙකක් එළිදැක්වීමට සූදානම් කරලා තියෙනවා. කොරෝනා වසංගතයත් එක්ක අතරමඟ නතර වෙලා තිබුණ දේවල් නැවත පටන් අරගෙන හරි විදිහට කරන්න උත්සාහ කරනවා.


 සචින් සිනමාවට

 මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් දින සම්බන්ධ ප‍්‍රශ්නය නිසා සමහර නිර්මාණවලට සහභාගි වෙන්න නොහැකි වුණා.
 කොහොම වුණත් 2022 අවුරුද්දේ අලූත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ෆිල්ම් එකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන මේ දවස් වල කතා කරමින් ඉන්නවා. තියෙන කාලයත් සැලකිල්ලට අරගෙන ලැබෙන ආරාධනා වලට උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2022 වර්ෂයේ තවත් අලූත් වෙනස් වැඩ කිහිපයක්ම සිදු වේවි.


 කස්තුරි සුපුරුදු විදිහට වැඩ

 ලබන අවුරුද්දෙත් සුපුරුදු විදියට රඟපෑම් කටයුතු වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තව අලූත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවගේ වැඩ කටයුතුත් සිදු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ ටෙලිනාට්‍ය මේ අවුරුද්දේදී පේ‍්‍රක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන් වෙයි. රංගනයට වගේම මගේ අධ්‍යාපන කටයුතු වලටත් මූලිකත්වය දීලා දෙපැත්තම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


 විරාජ් ව්‍යාපාරයකට අතගසයි

 2022 කියලා කියන්නේ මට ලොකු බලාපොරොත්තුවක් තියන අවුරුද්දක්ිමම සාමාන්‍යයෙන් අවුරුද්දකට ටෙලිනාට්‍ය තුනක් වගේ අවම ප‍්‍රමාණයක් තමයි භාර ගන්නේ.අලූත්ම ටෙලිනාට්‍යයේ වැඩකටයුතු ජනවාරි මාසයේ ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියනවා.ඒ වගේම ප‍්‍රවීණ” ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේම ගීත වල රූප රචනාවල රඟපෑම සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.2022 වර්ෂයේදී මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවාිඒ පිළිබඳව වැඩි තොරතුරු මම මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට ඉදිරියේදී කියනවා. ඒ වගේම ලබන අවුරුද්දේ වැඩි කාලයක් මගේ දුවයි පුතයි වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වගේම මගේ පවුල වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර ලැබෙන වෙළෙඳ දැන්වීම් සහ සෙසු නිර්මාණවල තෝරාබේරාගෙන රඟපෑම් කටයුතු සිදු කරනවා.
 මේ විදියට තමයි මම 2022 ප්ලෑන් කරලා තියෙන්නේ. සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙමින් හොඳ විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2022 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා මම හදවතින්ම ප‍්‍රාර්ථනා කරනවා.


 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment