2022 ආසියානු කුසලාන ක්‍රිකට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට

242

ශ්‍රී ලාංකේය ක්‍රිකට් කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත්දා සිදු කෙරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණි.

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ දිනා ගන්නා ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ඊට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂිතම කුසලාන ලෙසින් සැලකෙන 1996 ලෝක කුසලානය සහ 2014 වසරේ පැවැති 20 – 20 ලෝක කුසලාන ද්විත්වයම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යාබදව, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. එම සුවිශේෂී කුසලාන ඇතුළු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව සිටින කුසලාන රැසක් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන අතර එය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලී ජනතාවට ආරාධනා කර සිටියි. ක්‍රිකට් කෞතුකාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment