2022 උදාව නපුරු සිහිනයක නිමාවක්ද?

2068

2021 වසර රෝග බිය, ගංවතුර, නායයෑම් ආහාර ද්‍රව්‍ය මිල, ගෑස් පිපිරීම් ආදි ජනතා සිත් සතන් භීතියට පත් කළ වසරකි. ඒ වසර අවසානවීමට ඇත්තේ තවත් එක් සතියකි. එතැන් සිට නව වසරක් උදා වෙයි.

උදාවන නව වසරේවත් සැනසීමෙන් කල්ගෙවන්නට හැකි වේදැයි සැවොම කුතුහලයෙන් බලා සිටින මේ මොහොතේ ග‍්‍රහ මාරුවීම් සමග අප කරා විවිධ කරදර ආ හැටිත්, උදාවන වසරේ කුමක් සිදුවේදැයි විමසා බැලීමටත් මේ ලිපිය යොදා ගනිමු. වසරක් ගත වනවිට ගෙදරක වුව ද පරණ කුණුරොඩු ඉවත දමා පිරිසිදු කර ගැනීම සිරිතකි. මේ අනුව ගතවූ වසරේ අමිහිරි අත්දැකීම් අමතක කර ගත හැකි පාඩම් නැවත මෙනෙහි කිරීමට මේ සතිය ඉතා සුදුසුය. 2021 වසර උදා වූයේ ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයේ ලග්නපති වන සෙනසුරු ලග්නයෙන් දොළොස් වැන්නේ හෙවත් මකර රාශියේ ගමන් කරමිනි. 2020 ජනවාරි සිටම එසේ ලග්නපති දොළොස්වැන්නේ ගමන් කරමින් සිටියේය. එසේ නම් මකර රාශි ගතවීම සෑම වසර තිහකට ආසන්නව සිදු වෙයි. එනම් 1990 – 93 අතර ද  1961 – 1963 අතර ද එසේ සිදු විය. එහෙත් කොරෝනා වැනි බරපතළ ගැටලූ ඇති නොවීය. මෙවර ග‍්‍රහචාරය මෙතරම් ගැටලූ ඇති කළේ බ‍්‍රහස්පති ඇතුළු තවත් ග‍්‍රහයින් ද දුබල වූ බැවිනි. විශේෂයෙන්ම 2021.01.01 වනවිට ශී‍්‍ර ලංකාවට හිමි කුම්භ ලග්නයේ ධනයට හා ආදායමට අධිපති වන ගුරු දොළොස්වැන්නේ සිටියේය. ඒ වැයස්ථානයේය. මේ අනුව ගත වූයේ ආදායම් හිඟ වූ වසරකි. තැන්පත් ධනය ද වැය වූ හෙවත් භාණ්ඩාගාරයට ප‍්‍රශ්න ඇති වූ වසරකි. 1961 වසර ද මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ වැදගත් පරිවර්තන සිදු වූ බව කිව හැක.

රාහු ග‍්‍රහයාගේ බලපෑම ද සුළුපටු නොවේ. 2020 අග දක්වාම රාහු පස්වැන්නේ ගමන් කළ අතර ශී‍්‍ර ලංකාව් අන්තවාදී ආගමික කල්ලියක් මගින් ප‍්‍රහාරයක් එල්ල වන බව අප විසින් ඉරිදා දිවයින මගින් අනාවරණය කළේ රාහුගේ ගමන සැලකීමෙනි.

ගුරු මකර රාශියේ නීච වූ 2008 දෙසැම්බර් සිට යුද්ධයේ තීරණාත්මක කාලය උදා වූ බව ද ඒ සුබදායක කාලයක් නොවූ බව ද අපට මතකය. 2021 මුලදී පැවතියේ ද ගුරු මකරයේ නීචව සිටි කාලයයි. ඒ සෙනසුරු ද මකරයේ ගමන් කරමින් සිටි විටය. කොරෝනාවෙන් ජනතාව පීඩාවට පත් වූ කාලයකි. පුද්ගලයකුට හෝ රටකට විපත් ගෙන එන්නේ තනිකර එකම ග‍්‍රහයෙකුගේ බලපෑමකින් නොවන බව පෙනේ. එනම් විශාල බලපෑම් කරන ගුරු වසර 12කට වරක් මකර රාශි ගත වන අතර ශනි වසර තිහකට ආසන්නව එසේ සිදු වේ. රාහු රාහු වසර 18කට වරක් මේ සියලූ ග‍්‍රහයින් දුබල වන්නේ කලාතුරකිනි.

2021 වසර උදාවන විට ශනි ගුරු දොළහේ සිටියා පමණක් නොව රාහු සිටියේ හතරේය. කේන්ද්‍රයක හතරෙන් භූමිය ගැන ද රාහුගෙන් ගෑස්, සුළං ආදිය ගැන ද කියනු ලැබේ. මේ නිසා පවතින ගෑස් පිළිබඳ අනතුරු හා ගැටලූකාරී තත්ත්වය හතරවැන්නේ රාහුගෙන් නිවේදනය වන බව පෙනේ. කොරෝනා උත්සන්න වූයේ ගුරු හා ශනි වක‍්‍රව ගමන් කළ අගෝස්තු, සැප්තැම්බර් මාසවලදීය.

2022 වසර මේ ගැටලූ විසඳාගත හැකි නව වසරක් වේද යන්න කාගේත් කුතුහලය දනවන ගැටලූවක් වී තිබේ. මෙහිදී ජනවාරි පළමුවෙනි දින ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයේ ග‍්‍රහ චාරය ද අපේ‍්‍රල් මස උදාවන සංවත්සර කේන්ද්‍රය ද වසරේ ග‍්‍රහ මාරු ද සැලකිය යුතු වේ.

2022 ජනවාරි මස පළමුවැනිදා උදේ 6.00 වනවිට ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයෙන් එකොළොස් වැන්නේ රවි හා සිකුරු ද සඳු දහයේ නීචව ද බුධ සහ ශනි දොළහේ ද ගුරු ලග්නයේ හා රාහු හතරේ ද ගමන් කරමින් සිටී. විශේෂයෙන් වසරේ මුල් මාස හතර තුළ උදාවිය හැකි තත්ත්වය මේ අනුව විමසා බැලිය යුතු වෙයි.

මේ ග‍්‍රහ බල අනුව අපේ‍්‍රල් අග දක්වා කාල සීමාව ඇතුළත විශේෂ සුබපල දායක තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවක් නොපෙනේ. ආරෝග්‍ය ශාලා, සෞඛ්‍ය අංශවල විවිධ ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. මහජනයාගේ දෝෂාරෝපණ ඇති වෙයි. විදේශ ගමන්වලට ද බාධා ඇති වන බව පෙනේ. පාසල් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය ද සාර්ථකව පවත්වා ගැනීම පහසු නොවේ. මේ අතර ප‍්‍රකට උගත් පුද්ගලයකුගේ මරණයක් සිදුවෙයි. කෙසේ නමුත් කුජ දිග්බලව දහයේ ගමන් කරන නිසා රටේ පාලන කටයුතුවලට ආරක්ෂක හමුදාවල සහාය නිරතුරුව ලැබේ. බුධ නිවේදනය කරන පලා වර්ග හා එළවළු වර්ගවල ඵලදාව අඩු වේ. මිල ඉහළ යයි. තානාපති අංශවලින් අපේක්ෂිත සහාය ලබා ගැනීම පහසු නොවේ.

2022 අපේ‍්‍රල් වනවිට ඉතා වැදගත් ග‍්‍රහ මාරු පහක් සිදු වේ. එනම් අපේ‍්‍රල් 13 දා ගුරු ග‍්‍රහයා ධනස්ථානගතව බලවත් වෙයි. අපේ‍්‍රල් 14 දා රවි තුන්වන මේෂ රාශියේ උච්ච වෙයි. වසර දෙක හමාරකට පසුව අපේ‍්‍රල් 29 දා සෙනසුරු ග‍්‍රහයා කුම්භ රාශිය වූ ලග්නයට පැමිණ බලවත් වෙයි. තවද රාහු තුන්වැන්නට ද කේතු නවවැන්නට ද මාරුවීම ද අපේ‍්‍රල් 13 දිනම සිදුවන්නේය. මේ ග‍්‍රහ මාරු නිසා ලංකා කේන්ද්‍රයේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන බැවින් ජනතාවට යම් සහනදායක බවක් උදා වේ. උක්ත ග‍්‍රහ බලය හමුවේ ශී‍්‍ර ලංකාව දැනට මුහුණ පා සිටින මූල්‍යමය දුෂ්කරතා ජය ගන්නට අවස්ථාව උදා වේ. ආදායම් ඉහළ යයි. ව්‍යාපාරිකයින්ට ද තරමක සුබ කාලයක් උදා වෙයි. කොරෝනා රෝග තත්ත්වය ද බොහෝදුරට සමනය වනවා ඇත. ගෑස් කර්මාන්ත ආශි‍්‍රතව පවතින ගැටලූවලට සාර්ථක විසඳුම් ලැබීම ද මේ කාලයේ සිදුවෙයි.

මේ නිසා මැයි මස උදාවන තුරු පැවතිය හැකි දුෂ්කරතා ජය ගැනීමට සියලූ දෙනාම සමගියෙන් හා සාමකාමීව තමුන් උත්සාහයෙන් කි‍්‍රයා කිරීම අවශ්‍ය වේ. කෙසේ නමුත් රටට විරුද්ධව පවතින කුමන්ත‍්‍රණකාරී බලවේග පිළිබඳව කල්පනාකාරිව කි‍්‍රයා කිරීම ද පාලක පක්ෂයේ වගකීමකි. 2022 අගෝස්තු සිට ශනි වක‍්‍රව නැවතත් මකර රාශියේ ගමන් කිරීම අරඹන විට තරමක බාධා ඇති විය හැකිය. අපේ‍්‍රල් මස අලූත් අවුරුදු උදාව සමග පෙන්වන සංක‍්‍රාන්ති කේන්ද්‍රයට අනුව ඒ ගැන විග‍්‍රහ කිරීම පසුවට කල් තබමු.

පවතින මේ අසුබ ග‍්‍රහ රටාව සමග ජනතාව පීඩාවකට පත්වී සිටින බව රහසක් නොවේ. ඒ ග‍්‍රහ චාරය මත පවසනු ලබන අනාවැකි යනු වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් මෙනි. එය රෝගයන් ගැන කියයි. එසේ නම් ප‍්‍රතිකාර කර ගත යුතු වේ.

ධර්මයේ සඳහන් වන මෘගසංවර්ෂාව යනු මෙයට වඩා දස දහස් ගුණයකටත් වඩා පීඩාවකි. විනාශයට පත් ජනතාව දෙස බලන ඉතිරි වූ ජනයා අධාර්මික බව කියා සිදු වූ විනාශය වටහා ගනී. මේ නිසා ඔවුහු ධාර්මිකව ජීවත් වීමට තීරණය කරයි. ක‍්‍රමක‍්‍රමයෙන් භවභෝග සම්පත් ද, ආයුෂ ද ඉහළ යයි. හේතුව රජුන් ඇතුළු ජනතාව පන්සිල් සුරකින ධාර්මික ජනතාවක් බවට පත්වීමයි.

කොරෝනා ඇතුළු සියලූ විපත්වලට හේතුව දූෂිත සිත්වලින් නිකුත් කරන දූෂිත සිතිවිලි බව වටහා ගැනීම අපහසු නොවේ. පෙරට වඩා දූෂිත සිතිවිලි නිසා පෙර නොතිබූ විෂබීජ අලූතින් බිහි වෙයි. සොරකම නිසා සම්පත් හීන වෙයි. වැරදි කාම සේවනය නිසා ලිංගාශි‍්‍රත රෝග බහුල වෙයි. බොරුව හා කේලම් නිසා අසමගිය වැඩි වෙයි. මත්ද්‍රව්‍ය නිසා බිහි වන්නේ මන්දබුද්ධිකයින්ය.

මේ කරුණු සැලකිල්ලට ගෙන පන්සිල් සුරකින සමාජයක් බිහි කළ හැකි නම් රට සශ‍්‍රීක කිරීම හා නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකර ගැනීම සිහිනයක් නොවේ. සක්විති රජවරු පහලවන්නේ ද පන්සිල් සුරකින සමාජයක් ඇතුළත පමණි. පව්කම් කරන දූෂිත සිත්වලින් කෙරෙන දේව පූජා හෝ යාග හෝමවලට දෙවියන් නොරැුවටෙන බව වටහාගත යුතුය.

දැහැමියා ධර්මයෙන්ම ආරක්ෂා කෙරේ.

2022 උදාව නපුරු සිහිනයක නිමාවක්ද?


කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment