2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

299

අද පැවැත්වෙන තරග

ප්‍රංශය – ඔස්ටේ්‍රලියාව අලුයම 00.30
මොරොක්කෝ – ක්‍රොඒෂියාව ප.ව.3.30
ජර්මනිය – ජපානය ප.ව.6.30
ස්පාඤ්ඤය -කොස්ටරිකා ප.ව.9.30

ආර්ජන්ටිනාවට සවුදිඅරාබියෙන් ප්‍රහාරයක්

ඊයේ (22දා) පැවැති ආර්ජන්ටිනාව සහ සවුදි අරාබිය අතර තරගයෙන් ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල් 2-1 වශයෙන් පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සවුදි අරාබියා කණ්ඩායම සමත් විය. සවුදි අරාබියාව වෙනුවෙන් අල් සහිරි සහ අල් ධවාසරි ගෝල වාර්තා කළ අතර පරාජිත ආර්ජන්ටිනාව වෙනුවෙන් ලියොනල් මෙසී ගෝලයක් වාර්තා කළේය.

ඇමරිකා – වේල්ස් විසඳුමක් නැහැ

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (22 වැනිදා) අලුයම පැවැති ඇමරිකාව සහ වේල්සය අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව නිමා විය.

ඇමරිකාව වෙනුවෙන් තිමති වියු සහ වේල්සය වෙනුවෙන් ගාරෙත් බැලේ ගෝල් වාර්තා කළේය.

මෙවර තරගාවලියේ විසඳුමකින් තොරව අවසන් වූ පළමු තරගය ලෙස අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේ පැවැති එම තරගය වාර්තා පොත් අතරට එක් විය.

එංගලන්තයට දැවැන්ත ජයක්

මේ අතර එංගලන්තයෙන් ගෝල් 6ක් වාර්තා වූ ඉරානයට එරෙහි තරගය 6-2 ක් ලෙස වැඩි පරතරයකින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

දෝහා නුවර කලීෆා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (21 වැනිදා) පැවති එම තරගය මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා වූ තරඟය වෙයි.’

නෙදර්ලන්තය සෙනගාලය පරදවයි

අල් තුමමා ක්‍රීඩාංගණයේ පැවති සෙනගාලය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් තියුණු සටනකින් පසු 2-0ක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

තරගය ආරම්භයේ සිටම දෙපිලෙන් ඉතා සමබර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර දෙපිලටම ගෝල ලබා

ගැනීමට අවස්ථා නිර්මාණය කර ගැනීමට පළමු අර්ධයේ මුල් භාගයේ දී හැකි වූයේ නැත. අවසානයේ කොඩි ගැක්පෝ සහ ඩේවි ක්ලාසෙන් නෙදර්ලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment