2022 ලබන අවුරුද්ද ඔබට කොහොමද?

1404

මේෂ

 හදිසි ධන ලාභ

 ලග්නාධිපති කුජ ස`දු සහ කේතු සමඟ 8 වැන්නේද රවි සිකුරු සංයෝගව 9 වැන්නේද බුධ ශනි 10 වැන්න සහ ගුරු 11 වැන්නද රාහු 2 වැන්න ගෝචර මෙම වසර ශුභඵල ගෙනදෙයි. රැුකී රක්‍ෂා ස්ථිර වීම්, උසස් වීම් වැනි දේවලට හේතුයි. රැුකියා ලාභද ලබයි. හදිසි ධනලාභ ගෙන දෙන අතර ණයතුරුස් වලින් මිදී තැන්පත් ධනය වර්ධනය වේ. ගෘහ ජීවිතය ශුභයි. අරමුණු ජයගනී. ප‍්‍රීති සාද උත්සව වැනි දේවලට

 සහභාගිවීමේ හෝ එවැනි දේ සංවිධානයට හේතුයි. සතුරු බලපෑම් දමනය කරගැනීමේ ශක්තිය ඇතිවෙයි. අවිවාහක අයට මංගල සීණු නාදවෙයි. සෞන්දර්ය කි‍්‍රයාවන්ගෙන් ධනය ලබන අතර ප‍්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණවලින් ජයදේ.

 අධ්‍යාපනික කටයුතු වලින් ජය ලබයි. අලූත් දේ ඉගෙනීමේ ශක්තිය ඇතිවෙයි. තරග තුරු`ග ජයගනී. ගමන් බිමන් අධික වන අතර ප‍්‍රවේශමද මැනවි. අන් සතු දේපල උරුමයක් ලැබීම් වලට හේතුයි. භූමි ලාභ පතල් කැණීම් වැනි දේවලින් ජය ලබයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. ආගමික පුද පූජාවල නිරත වෙයි. වාත රෝග පීඩා ශරීරයේ ඉදිමුම් රෝග සිරසගත රෝග, අක්‍ෂි රෝග මුඛ රෝග ආදියට හේතුයි.

 ශුභ වර්ණය – රතු, දම්, ජය අංකය – 05, 09.

 මෙම වසර තුළ පවතින බාධා සහ පීඩාවලින් ආරක්‍ෂා වීමට ගර්භණී මාතාවන් උදයට අත්‍යවශ්‍ය භාණ්ඩ දානය වශයෙන් දීම, ආගමික පුද පූජාවන් පවත්වා කතරගම දෙවි`දු උදෙසා පුද පූජා, සෙත්කවි ගායනා ආදිය ශුභයි.

 වෘෂභ

 නව නිවාස ලාභ

 ලග්නාධිපති සිකුරු රවි සමඟ 08 වැන්නේද බුධ ශනි 9 වැන්න සහ ගුරු 10 වැන්නේද රාහු ලග්නගතව ද කේතු ස`දු සමඟ කේතු 7 වැන්න ගෝචර මෙම වසර ශුභඵල ගෙන දෙයි. රැුකී රක්‍ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. ශුභවාදීව ස්ථාන මාරුවීම් ලබයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අයවැය සම තත්ත්වයෙන් පවතී. ගෘහදිවිය ශුභයි. අන්‍යෝන්‍ය සබ`දතාවන් ප‍්‍රබල වෙයි. අලංකාර දේවල් ලබයි. නව නිවාස සෑදීම් හෝ නිවස ලාභ ලබයි. ස්ථාන මාරුවීම් සිදුවෙයි. විදෙස්ගත වීම්වලට හේතුයි. සතුරු බලපෑම් පෙනෙන නොපෙනෙන ලෙසින් එල්ල වුවද කි‍්‍රයාශීලීව ජයගනී.

 අධ්‍යාපනික කි‍්‍රයාවන් වලටද බාධා එල්ල වෙයි. නමුත් උත්සාහයෙන් ජයගනී. උගතුන් ඇසුරට පත්වෙයි. පේ‍්‍රම සබ`දතා වර්ධනය වෙයි. මංගල යෝග උදාවෙයි. ප‍්‍රීති උත්සව යෙදෙන අතර පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයාවලදී කැපීපෙනේ.

 ආගමට දහමට වඩා නැඹුරුව කි‍්‍රයාකරන අතර තම ඥාතීන් ඒ ස`දහා යොමු කරවයි. ස්නායුගත රෝග මතු කරයි. ශරීර තුවාල, අර්ශස් රෝග වැනි දේවලට හේතුයි.

 ශුභ වර්ණය – සුදු, කහ, ජය අංකය – 02, 07

 පවතින බාධා දුරුකර ගැනීමට මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම, ආගමික වතාවන් ගරුකර සමන් දෙවියන් උදෙසා පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම ශුභයි.

 මිථුන

 මහජන ප‍්‍රසාදය

 ලග්නාධිපති බුධ ශනි සමඟ 8 වැන්නේද ගුරු 9 වැන්නද රාහු 12 වැන්න සහ කුජ චන්ද්‍ර කේතු සමඟ  6 වැන්නේද රවි සිකුරු 7 වැන්න  ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි. රැකියා ලාභ ලැබීම් වලට හේතුයි. උසස්වීම් වැනි දේවල් යෙදේ. ව්‍යාපාරද දියුණුවට පත්වෙයි. ණයතුරුස් වලින් අතමිදේ. සුළුවෙන් හෝ හදිසි ලාභද දෙයි. ගෘහ ජීවිතය ශුභයි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවල් සංවිධානයට සහභාගිවීම් ආදියට හේතුයි. ඉඩකඩම් ලාභ ලැබීම් විකිණීම් වැනි දේවලට හේතුයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිමත්ව කි‍්‍රයාකළ යුතු වසරකි. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. ආදර සංග‍්‍රහ ලබන කාලයකි. තම වටිනාකම ප‍්‍රදර්ශනය වෙයි. අධ්‍යාපනික කි‍්‍රයාවන්ගෙන් ජය ලබයි. තරග තුර`ග වලින් ජයග‍්‍රහණ ලබයි. නව නිර්මාණ ඉදිරිපත් කිරීමට ශුභයි. විදෙස්ගත වීම් වලට හේතුයි හෝ විදෙස් ගතවූවන්ගෙන් උපකාර ලබයි. නීතිමය ගැටලූවලින් ජයලබයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට හේතුයි. ස්වයං රැුකියාවන්හි යෙදෙන්නන්ට ශුභ වසරකි. ඇසුරු කරන්නන්ගෙන් තරමක් ප‍්‍රවේශම් විය යුතු වසරකි. ආගමික වතාවන් ගරු කරයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි.

 ශුභ වර්ණය – කොල, රන්වන්,

 ජය අංකය – 03, 06.

 පවතින දෝෂ සමනයට ශ‍්‍රමණ බඹුනන් වැනි අය උදෙසා දානමානාදී කි‍්‍රයාවන්හි යෙදීම, මහා විෂ්ණු දෙවි`දුට පූජා පැවැත්වීම.

 කටක

 විදෙස් ගමන්

 ලග්නාධිපති ස`දු කුජ සහ කේතු සමඟ 5 වැන්නේද රවි සිකුරු 6 වැන්නේද බුධ ශනි 7 වැන්නේද ගුරු 8 වැන්නේ සහ රාහු 11 වැන්නේද ගෝචර මෙම වසර ශුභයි. රැුකී රක්‍ෂාවල තනතුරු ලාභ උසස්වීම් ඇතිවෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ධනලාභ ගෙන දෙයි. ව්‍යාපාරද දියුණුවට පත්වෙයි. ගෘහ ජීවිතය ශුභයි. නමුත් නොකළ වැරදිවලට චෝදනා එල්ල වන බැවින් නවක මිතුදම් වලදී ප‍්‍රවේශම මැනවි. ප‍්‍රීති සාද උත්සව වැනි දේවල් නිතර යෙදේ. නිවාස අලංකාරණය ස`දහා යොමුවෙයි. මංගල යෝග උදාවෙයි. නමුත් පේ‍්‍රම සබ`දතාවලදී හැලහැප්පීම් ඇති කරයි. තරමක් බුද්ධිමත්ව කි‍්‍රයාකළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලටද තරමක් බධා එල්ල වෙයි. දුරදිගබලා කි‍්‍රයාකළ යුතුයි. තම ඥාතීන් අතර තරමක් වාද විවාද යොමුවන අතර කතාවේදී ප‍්‍රවේශම මැනවි. භූමි ලාභ ලබන වසරකි. විදෙස් ගමන් බලාපොරොත්තු වූවන්ට ජයගෙන දෙයි. ආගමික පුද පූජවල නිතර යෙදේ. සන්ධි රෝග ඉදිමුම් රෝග නහර ආබාධ වැනිදේවලට හේතුයි.

 ශුභ වර්ණය – රෝස, සුදු, – ජය අංකය – 04, 07

 මෙම වසරේ පවතින රෝග පීඩා ස`දහා විවාහය අසාර්ථක මාතාවන්ට වියළි සලාක දානය වශයෙන් දීම, ආගමික වතාවත්වල යෙදීම පත්තිනි දේව පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම මැනවි.

 සිංහ

 භූමි සම්පත් ලාභ

 ලග්නාධිපති රවි සිකුරු සමඟ 5 වැන්නේද බුධ ශනි 6 වැන්නේද ගුරු 7 වැන්න සහ රාහු 10 වැන්නේද කුජ ස`දු සහ කේතු සමඟ 4 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵලදෙයි. රැුකී රක්‍ෂා ස්ථානවල තරමක් බාධා එල්ල වුවත් බුද්ධියෙන් ජයගත හැකි අතර තනතුරු ලාභ ලබයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ.

 ගෘහ ජීවිතය ශුභඵලදෙයි. සතුරු බලපෑම් මත අඹු සැමි සුහදතා හීනකරයි. ඉවසීමෙන් කි‍්‍රයාකළ යුතුයි. නව නිවාස ඉදිකිරීම්වලට හේතුයි හෝ නිවාස අලූත්වැඩියාවකට හේතුයි. භූමි සම්පත්, භූමි ලාභ ගෙනදෙයි. පතල්කැණීම් වලට ශුභයි. පේ‍්‍රම සබ`දතා රහස් සබ`දතා වර්ධනය වෙයි. ප‍්‍රීතිසාද වලට සහභාගි වීම් යෙදේ. යාන වාහන මිලට

 ගැනීමට විකිණීමට ජයයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. බුද්ධිමත්ව කි‍්‍රයාකරයි. අන්සතු දේපල උරුමයකට හේතුයි. හවුල් ව්‍යාපාර ඇරඹීමට ශුභයි. දුරදිග නොබලා කි‍්‍රයාකිරීමෙන් අවාසි සිදුකරගනී. ධර්මානුකූලව කි‍්‍රයාකරන දහමට යොමුවන වසරකි. ආමාශගත රෝග ආහාර විෂවීම් වැනිදේට හේතුයි. මුත‍්‍රා ආසාදන ලේ ¥ෂිත රෝග මතු කරයි.

 ශුභ වර්ණය – තැඹිලි, ලාදම් ජය අංකය – 01, 06

 මෙම වසරේ පවතින පීඩා දුරුකර ගැනීමට සිරකළ සතුන් නිදහස් කර ගැනීම, ආගමික පුද පූජා පැවැත්වීම සහ ඊෂ්වර පූජා ආදියෙන් ආශිර්වාද ලැබීම ශුභයි.

 කන්‍යා

 ධනලාභ

 ලග්නාධිපති බුධ ශනි සමඟ 5 වැන්නේද ගුරු 6 වැන්නේද රාහු 9 වැන්න සහ කුජ ස`දු සහ කේතු සමඟ 3 වැන්නද රවි සිකුරු සංයෝගව 4 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි. රැුකී රක්‍ෂා උසස්වීම් වලට හේතුයි. ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රශශංසා ලබයි. තනතුරු උසස්වෙයි. රැුකියා ලාභ ලබයි. තැන්පත් ධනය වර්ධනය වන වසරකි. ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි සුහදතා වර්ධන කි‍්‍රයායෙදේ. නව නිවාස ලාභ ලැබීම් හෝ ඉදිකිරීම් වලට හේතුයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ලබයි. තමන්ට ශුභවාදීව පදිංචිය වෙනසකට ද හේතුයි. පේ‍්‍රම සබ`දතා ඇතිවෙයි. ඥාති සබ`දතා වර්ධනය වෙයි. ගමන් බිමන්ද යෙදේ. ප‍්‍රීති උත්සව සංවිධාන කිරීම් සහභාගිවීම් වැනිදේට හේතුයි. අධ්‍යාපනයෙන් උසස් තත්ත්ව ලබයි. තරග විභාග ජයගනී. උගතුන් ඇසුරට පත්වෙයි. පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදෙන අතර දහමට ලැදිව කි‍්‍රයාකරයි. අන් අයට උපදෙස් උපකාර කිරීම් ආදියට හේතුයි. දුරගමන් හෝ විදෙස් ගමන් වැනි දේවලට හේතුයි. ශරීර ඌෂ්ණාධික රෝග, බඩවැල් ආශ‍්‍රිත රෝග මූලරෝග, මුත‍්‍රා ආසාදන වැනි රෝග, හමේ රෝග වැනිදේට හේතුයි.

 ශුභ වර්ණය – කොල, කහ, ජය අංකය – 05, 07.

 මෙම වසරේ පවතින බාධා දුරුකර ගැනීමට පහත පරිදි කටයුතු කිරීම මැනවි. මංමාවත් පිළිසකර කිරීම්, ගිලනුන්ට උවටැන් කිරීම, ආගමික වතාවන්වල යෙදීම, විෂ්ණු දෙවි`දු උදෙසා පූජා පවත්වා ආශිර්වාද ප‍්‍රාර්ථනාව ශුභයි.

 තුලා

 මංගල සීනු

 ලග්නාධිපති සිකුරු රවි සමඟ 3 වැන්නේද බුධ ශනි 4 වැන්නේද ගුරු 5 වැන්න සහ රාහු 8 වැන්නේද ස`දු කුජ සහ කේතු සමග 2 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. රැුකියාවල එතරම් වෙනසක් නොවේ. නමුත් උසස්වීම් වැනි දේවලට හේතුයි. ව්‍යාපාර දියුණුවට පත්වෙයි. සුළුවෙන් හෝ හදිසි ලාභද ලබයි.

 ගෘහ ජීවිතය ශුභයි. තම ඥාති වර්ගයා අතර ප‍්‍රධාන වෙයි. ප‍්‍රීති උත්සව නිතර යෙදේ. පේ‍්‍රම සබ`දතා වර්ධනය වෙයි. මංගල යෝගද උදාවෙයි. පොදුසේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදේ. ගනුදෙනුවලදී ප‍්‍රවේශම මැනවි. ගමන් බිමන් නිතර යෙදෙන අතර නිශ්ඵල ගමන්ද යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ඇසුරේදී ප‍්‍රවේශම් වීම මැනවි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග තුර`ග ජයගනී. බුද්ධි වර්ධනය වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. ප‍්‍රසාදයට පත්වෙයි. විදෙස් ගමන් බලාපොරොත්තු වූවන්ට අරමුණු ජයවේ. ගෙදරදීද පිටතදීද ආගමික කි‍්‍රයාවන්හි මුල්වී කටයුතුවල යෙදේ. කෘෂිකාර්මික කටයුතු වලින් ජය ලබයි. ලිපි ලේඛන වලින්ද ජයවේ. සන්ධි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතු කරයි. හමේ රෝග, මුත‍්‍රා ආසාදන මතු කරයි.

 ජය අංකය – 02, 07. ශුභ වර්ණය – සුදු ක‍්‍රී,ම්

 පවතින පීඩා දුරුකර ගැනීමට මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම සහ එවැනි දේට උදව් කිරීම ශුභයි. ආගමික වතාවත් සිදුකර සමන් දෙවි`දු උදෙසා පූජා පැවැත්වීම ශුභයි.

 වෘශ්චික

 ව්‍යාපාර දියුණුව

 ලග්නාධිපති කුජ ස`දු සහ කේතු සමඟ ලග්නගතවද රවි සිකුරු 2 වැන්නේද බුධ ශනි 3 වැන්නේද ගුරු 4 වැන්න සහ රාහු 7 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි. රැුකියා ලාභ ලබයි. පවතින රැුකියාවේ ප‍්‍රසාදය දිනයි. තනතුරු ලබයි. ධනලාභ ලබයි. තම ව්‍යාපාර දියුණුවට පත්වෙයි. ගෘශ ජීවිතය ශුභයි. අන්‍යෝන්‍ය සබ`දතා වර්ධනය වෙයි. පේ‍්‍රම සබ`දතා ඇතිවෙයි. අවිවාහකයන්ට මංගල සීණු නාදවෙයි. වැදගතුන් ඇසුරට පත්වන අතර ඔවුන්ගෙන් ප‍්‍රයෝජනද ලබයි. නමුත් කතාවේදී ප‍්‍රවේශම මැනවි. ඉඩම් පිළිබ`ද ආරාවුලකින් ජය ලබයි. නිවාස ලාභ ලැබීම්වලට හේතුයි. අධ්‍යාපන කටයුතු වලින් මහන්සියේ තරමට ප‍්‍රතිඵල දායක වෙයි. සෞන්දර්ය කි‍්‍රයාවන්ගෙන් ජයට පත්වෙයි. ප‍්‍රසාදයට පත්වෙයි. ඇසුරු කරන්නන් සමඟ මත වාද පැනන`ගී. කෘෂිකාර්මික කටයුතු වලින් ජය ලබයි. අනියම් සබ`දතාවන් ඇතිවෙයි. බුද්ධිමත්විය යුතුය. නමට කැළැල් වීමට ඉඩතිබේ. දහමටද ලැදිව කි‍්‍රයාකරයි. සෙම් කෝප රෝග, පෙනහළු ආසාදන මතුකරයි. හමේ රෝග කුෂ්ඨ රෝග මතුකරයි.

 ශුභ වර්ණය – රතු, දුඹුරු, ජය අංකය – 05, 08

 පවතින පීඩා දුරකර ගැනීමට වැඩකරමින් පවතින ප‍්‍රජා ස්ථාන ස`දහා ගල්, වැලි, සිමෙන්ති වැනි ද්‍රව්‍ය වලින් උදව් කිරීම ශුභයි. ආගමික වතාවන් ගරුකර කතරගම දෙවි`දුට පූජා පැවැත්වීම මැනවි.

 ධනු

 තත්ත්වයේ උසස් වීම්

 ලග්නාධිපති ගුරු 3 වැන්නේද රාහු 6 වැන්නේද කුජ සමඟ ස`දු කේතු 12 වැන්නේද රවි සිකුරු ලග්නගතවද බුධ ශනි 2 වැන්න ගෝචර මෙම වසර ශුභ ඵල දෙයි. රැුකී රක්‍ෂා ලාභ ලබයි. තත්ත්වයෙන් උසස් වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අමතර ලාභ ලැබීම් වලට හේතුයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. ගෘහ ජීවිතය ශුභඵල දෙයි. තම අරමුණු ජයගනී. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. අවිවාහක අයට ශුභඵල දෙයි. රහස් සබ`දතා ඇතිවෙයි. දේපල පිළිබ`ද ප‍්‍රශ්න ගැටලූ ශුභවාදීව විසෙ`ද්. ප‍්‍රීති සාද උත්සව තරමක් බහුල වන වසරකි. සතුරු බලපෑම්ද එල්ල වන හෙයින් බුද්ධිමත් විය යුතුයි. අධ්‍යාපනික කටයුතුවලින් ජයග‍්‍රහණ ලබයි. නව පාඨමාලා හැදෑරීමට හේතුයි. උගතුන් ඇසුරට පත්වෙයි. නිවාස අලූත්වැඩියාවකට හේතුයි. විදෙස් ගමන් යෙදේ. ව්‍යාපාර ඇරඹීමට ශුභයි. භූමිලාභ, භූමි සම්පත් ළඟාකරයි. ආගමික කටයුතු වල මූලිකව කි‍්‍රයාකරයි. බඩවැල් ආශ‍්‍රිත රෝග, ශල්‍යකර්මකරන රෝගවලට හේතුයි. මූල රෝග මතුවෙයි.

 ශුභ වර්ණය – කහ, රෝස, ජය අංකය – 01, 04

 වසරේ පවතින පීඩා ඉවත්වීමට මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම්වලට සහභාගිවීම ශුභයි. ආගමික වතාවත් සිදුකර ඊෂ්වර දේව පූජා පවත්වා සෙත් පැතීම මැනවි.

 මකර

 සතුරු බාධක ඉවතට

 ලග්නාධිපති ශනි බුධ සමඟ ලග්නගතවද ගුරු 2 වැන්නේද රාහු 5 වැන්නේද කුජ ස`දු සහ කේතු සමඟ 11 වැන්නේද රවි සිකුරු 12 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි.

 රැකී රක්‍ෂාවල තරමක හැලහැප්පීම් ඇතිවෙයි. බුද්ධිමත්විය යුතු අතර තරමක් වෙහෙසව ව්‍යාපාර වලින් ජයගත හැක. තැන්පත් ධනය වැයවෙයි.

 ගෘහ ජීවිතය ශුභවාදීව ගෙවෙයි. තම ඥාති මිත‍්‍රාදීන් අතර ප‍්‍රධාන වෙයි. කලක් වදදුන් සතුරු බලපෑම් දමනය වෙයි. පදිංචියේ වෙනසකට හේතුයි. රහස් සබ`දතා මත තරමක් තම තත්ත්වයට හානි සිදුවෙයි. බුද්ධිමත්ව කි‍්‍රයාකළයුතු වසරකි. ප‍්‍රීති සාද උස්තව වරින් වර යෙදේ.

 අධ්‍යාපනික කි‍්‍රයාවන්ගෙන් ජයග‍්‍රහණ ලබයි. ධාරණ ශක්තිය ප‍්‍රබල වෙයි. කෘෂිකාර්මික කටයුතු පතල් කැණීම් වැනි කි‍්‍රයාවන්ගෙන් ජය ලබයි. ගමන් බිමන්ද බහුල වන වසරකි. ප‍්‍රවේශම මැනවි. පොදු සේවා කටයුතු ආගමික වතාවත් වැනි දේවල්වල මූලිකව යෙදෙන අතර ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදයට පත්වන වසරකි. හදිසි රෝග කැඩුම්, බි`දුම් වැනි දේට හේතුයි. මානසික පීඩා ආතති මතුකරයි.

 ශුභ වර්ණය – දම්, දුඹුරු, ජය අංකය – 03, 08.

 පවතින බාධා දුරුවීමට ශ‍්‍රමණ බඹුනන් උදෙසා දානමානාදී පිංකම් කිරීම, මහා විෂ්ණු දෙවි`දුට පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම ශුභයි.

 කුම්භ

 නව පේ‍්‍රම සබදතා

 ලග්නාධිපති ශනි බුධ සමඟ 12 වැන්නේද ගුරු ලග්නගතවද රාහු 4 වැන්නේද කුජ ස`දු සහ කේතු සංයෝගව 10 වැන්නේද රවි සිකුරු 11 වැන්නේ ගෝචර මෙම වසර ශුභයි.

 රැුකියා ලාභ ලබයි. පවතින රැුකියාවල උසස්වීම් ඇතිවෙයි. ව්‍යාපාරද දියුණුවට පත්වෙයි. තැන්පත් ධනය වර්ධනය වන වසරකි. ගෘහ ජීවිතය ශුභවාදීව ගෙවෙයි. තම ඥාති මිත‍්‍රාදීන් අතර ප‍්‍රධාන වෙයි. ප‍්‍රීතිසාද උත්සව නිතර ඇතිවෙයි. පේ‍්‍රම සබ`දතා වර්ධනය වන අතර අවිවාහක අයට මංගල සීණු නාදවන වසරකි. කලක් මනසට වදදුන් ප‍්‍රශ්න නිරාකරණය වෙයි. ඉඩකඩම් ලාභ ලැබීමට හේතුයි. තරමක් වෙහෙසව කි‍්‍රයාකිරීමට සිදුවේ.

 අධ්‍යාපනික කටයුතුවලින් මහන්සියේ තරමට ප‍්‍රතිඵල දායකවෙයි. ධාරණ ශක්තිය දුබලවෙයි. උගතුන් ඇසුරට පත්වෙයි. ඇසුරු කරනන් අතර ප‍්‍රධාන වෙයි. ගමන් බිමන්ද විදෙස් ගමන් වැනි දේවල්ද යෙදෙන වසරකි. භූමි සම්පත් පතල් කැණීම් වැනි දේවලින් කෘෂිකාර්මික කටයුතු වලින් ජය ලබන අතර දහමට ලැදිවෙයි. අධ්‍යාත්මික ගුණවගාවෙයි. සිරසගත රෝග, නේත‍්‍රරෝග, මුඛ රෝග වර්ධනය වෙයි. මුත‍්‍රා ආසාදන ඇතිවෙයි.

 ශුභ වර්ණය – නිල්, දම්. ජය අංකය – 03, 06

 පවතින පීඩාදුරුවීමට සිරකළ සතුන් නිදහස් කිරීම, ගර්භණී මාතාවන්ට දාන පිරිනැමීම, මහා විෂ්ණු පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම ශුභයි.

 මීන

 විදෙස් ගමන්

 ලග්නාධිපති ගුරු 12 වැන්නේද රාහු 3 වැන්නේද කුජ ස`දු සහ කේතු සමඟ 9 වැන්නේද රවි සිකුරු 10 වැන්න සහ බුධ ශනි 11 වැන්න

 ගෝචර මෙම වසර ශුභාශුභ ඵලදෙයි. රැුකී රක්‍ෂා ස්ථානවල බාධා එල්ල වෙයි. බුද්ධිමත්ව කි‍්‍රයාවෙන් ජයගත හැක. තම ව්‍යාපාර මහන්සිවී කි‍්‍රයාකර ජය ලබාගත හැක.

 ගෘහ ජීවිතය ශුභයි. නමුත් සතුරු බලපෑම් මත විශ්වාසය බිෙ`ද්. එබැවින් දුරදිග බලා ක‍්‍රියාකළ යුතුය. නව නිවාස ඇරඹීමට හේතුයි හෝ තම නිවාස අලූත්වැඩියාවකට හේතුයි. ශුභවාදීව ස්ථාන මාරුවීම් ඇතිවෙයි. පිරිස් බලය ඇතිවෙයි. අවිවාහක අයට මංගල සීණු නාදවෙයි. රහස් සබ`දතා මත නමට කැළැල්වීමට ඉඩ තිබේ. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග විභාගවලින් ජයදෙයි. විදේශ ගතවීම් වලට ශුභයි. එවැනි බලාපොරොත්තු වූවන්ට ජයවෙයි. ලිපි ලේඛන වලින් ජය ලැබේ. සුළුවෙන් හෝ අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ප‍්‍රීතිසාද ගමන් බිමන් බහුල වෙයි. තරමක් වෙහෙසව කි‍්‍රයාකරන වසරකි. ආගමට දහමට ලැදිවද කි‍්‍රයාකරයි. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. හමේ රෝග, කුෂ්ඨ රෝග මතුකරයි.

 ශුභ වර්ණය – කහ, දම් ජය අංකය – 05, 09

 පවතින බාධා දුරුවීමට ගිලනුන්ට උදව් කිරීම සහ ශ‍්‍රමණ බඹුනන්ට ගරුකිරීම මැනවි. ආගමික වතාවත් ගරුකර ඊශ්වර පූජා පවත්වා සෙත් ලබාගැනීම ශුභයි.

2022 ලබන අවුරුද්ද ඔබට කොහොමද?


යක්කල වීරවංශ පතිරණ
 ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී, වෛද්‍යාචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment