2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළ පළඳියි

63

තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත් හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස සම්මානයට පාත්‍ර විය.

2022 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානයේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳි HNB” BCCSA 2022 හි සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වීම කැපී පෙනිණි. එහිදී HNB 13 වසරක් සිය අභිමානය රැන්දූ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගැනීම සුවිශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ පසුගිය වසර තුන අපට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. එහිදී මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අපගේ ජනතාවගේ ආත්මය කෙබඳුදැයි නැවත නැවතත් පරීක්ෂා කර බලනු ලැබුවා. එහෙත්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයේදී, අප බෙදහදා ගත් වටිනාකම් සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමින් තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා වූ අපගේ සාමූහික වගකීම කිසි විටෙකත් අත් නොහැරීමට අපි සැමවිටම උත්සාහයක් ගනු ලැබුවා. ඉදිරියේදී තවත් අභියෝග රැසක් තිබෙනවා. එහෙත් අප හා සම්බන්ධ වී සිටින ප්‍රජාවන්ට, ජීවිතවලට සහ ජීවනෝපායන්වලට අත්වැලක් සපයන අතරම, අඛණ්ඩව මෙහෙයුම් විශිෂ්ටත්වය කරා යන අපගේ කැපවීමෙහි අපි නොසැලී සිටිනවා. හොඳ සහ නරක කාලවලදී ශ්‍රී ලංකාවේ ප්‍රගතියේ සහකරු ලෙස අපි අපගේ සේවය අඛණ්ඩව ලබා දීමට බලාපොරොත්තු වනවා යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment