2022 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී ලංකා බැංකුවට සම්මාන ද්විත්වයක්

104
ලංකා බැංකුවේ ප‍්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා SLIM Kantar ජනතා සම්මාන උළෙලහෙිදී ලංකා බැංකුව හිමි සම්මානය සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා අතින් ලබාගත් අයුරු. (ඡායාරූපයේ මැද) එම අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (මූල්‍ය හා සැලසුම්) රුවන් කුමාර, ප‍්‍රධාන නීති නිලධාරි බද්‍රා කල්‍යාණප‍්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් අදියර II) වයි. ඒ. ජයතිලක, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් සහ සංවර්ධන බැංකුකරණ) නිලන්ත මෙනේරිපිටිය), නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකු කටයුතු) ප‍්‍රියල් සිල්වා, අලෙවි කළමනාකරු ජගත් හිරිපිටියගේ, නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා යථාවත්කිරීම්) ඞී. මුතුකුඩ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

පසුගිය දා පැවැත්වුණු SLIM Kantar ජනතා සම්මාන 2022 සම්මාන උළෙලෙහිදී ‘වසරේ හොඳම සේවා සපයන්නා’ සහ ‘වසරේ හොඳම බැංකු සේවා සපයන්නා’ යන සම්මාන ද්විත්වයම දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය.

මෙම ජයග‍්‍රහණයත් සමගම මහජන කැමැත්ත මත පිරිනැමෙන සම්මාන උළෙලකදී මෙම අංශ දෙකම යටතේ සම්මාන දිනා ගත් එකම බැංකුව බවට ලංකා බැංකුව පත් විය. එමෙන්ම ලංකා බැංකුව ‘වසරේ බැංකු සේවා සපයන්නා’ ලෙස සම්මාන දිනාගත් 4 වැනි අවස්ථාව මෙයයි. ශ‍්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය (Sri Lanka Institute of Marketers [SLIM] සහ Kantar Sri Lanka යන ආයතන විසින් ඒකාබද්ධව සිදු කරන ලද පුළුල් සමීක්ෂණයක් මත පදනම්ව මෙම සම්මාන සඳහා ජයග‍්‍රාහකයින් තෝරාගනු ලැබූ අතර, ජනතාවගේ විශ්වාසය දිනාගනිමින්, ඔවුන්ගේ සිත් සතන් තුළ ගැඹුරින් සනිටුහන් වී ඇති විවිධ සන්නාමයන් එහිදී සම්මානයට පාත‍්‍ර විය.

එමෙන්ම මෙම සම්මානයන් ශ‍්‍රී ලාංකේය ජනතාවගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා නිවැරදිව ආමන්ත‍්‍රණය කළ සන්නාමයන් සතු ජනතා ශක්තිය අඟවන්නක් ලෙසින්ද හඳුන්වා දිය හැකිය.

ගෝලීය සමීක්ෂණ සමාගමක් වන Kantar හි දේශීය හවුල්කරුවා වන Kantar Sri Lanka ආයතනය මගින් මුළු ශ‍්‍රී ලංකාවම ආවරණය වන පරිදි සිදුකෙරුණු ස්වාධීන සමීක්ෂණයක් මගින් ජනතා සම්මාන සඳහා ජයග‍්‍රාහකයින් තෝරාගැනීම සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment