2023ට ඉතාලියෙන් රැකියා අසූදෙදහසක්

997

මාර්තු මාසයේ 27 වැනිදා සිට විවෘතයි

කෝටි හැටකට අධික ජනගහනයකට හිමිකම් කියන යුරෝපයේ සුන්දර ම දේශය වන්නේ ඉතාලිය යි. ලෝකවාසී සහෝදර රටවලට මෙවරත් මනුෂ්‍යත්වයේ දෑත දිගු කරමින් ඉතාලිය DECRETO FLUSSI 2023 ක්‍රමය යටතේ රැකියා අවස්ථාවන් අසූදෙදහස් හත්සිය පහක් (82705) ලබාදීමට ඉතාලිය කටයුතු කරන්නේ ය. එය ඉතාලිය තුළ තවත් බොහෝ මිනිසුන් උදෙසා ආර්ථිකම ය වශයෙන් දියුණු වියහැකි පසුබිමක් නිර්මාණය කරමින්ය.

රැකියා අවස්ථා 82705 අවස්ථා දෙකක දී බෙදී යන්නේ ඍතුමය / තාවකාලික රැකියා 44000 සහ ස්ථිර රැකියා සඳහා 24105ක් ලෙස ය. තවත් අවස්ථාවන් 14600 ලබාදෙන්නේ වීසා බලපත්‍ර පරිවර්තනය සහ ආයෝජන අවස්ථාවන් සඳහා ය. DECRETO FLUSSI 2023 යටතේ ලබාදෙන රැකියා සඳහා අයැඳුම් කිරීමට ඉතාලි සේවායෝජකයා හරහා සිදුවිය යුතු අතර ඒ සඳහා ඉතාලි රජය මගින් රටවල් තිස්හතරක් (34) නිර්දේශ කර ඇත. ඒකී රටවල් වන්නේ (ALBANIA, ALGERIA, BANGLADESH, BOSNIA, HERZEEJOVINA, COREA (REPUBBLICA DI COREA), COSTA D AVORIA, EGITTO, SALVADOR, ETIOPIA, FILIPPINE, GANBIA,GEORGIA, GHANA, JAPAN, GUATEMALA, INDIA, KOSOVA, MALI, MAROCCO, MAURITIUS, MOLDOVA, MONTENEGRO, NIGER, NIGERIA, PAKISTAN, PERU, MACEDONIA, SENEGAL, SERBIA, SRI LANKA,SUDAN, TUNISA, UCRAINA ආදී රටවල් ඒ සඳහා නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකා, ඇල්බෙනියා, ඇල්ජීරියා, බංග්ලාදේශ්, බොස්නියා, කොරියා, ගැම්බියා, ජපානය, ඝානාව, ඉන්දියාව, මාලි, මොරොක්කෝ,) මේ රටවල් තුළ රැකියා අවස්ථාවන් 82705 බෙදි යන අතර එම රැකියා අවස්ථාවන් මෙකී රටවල් අතර එක සමානව බෙදීනොයන බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

2023ට ඉතාලියෙන් රැකියා අසූදෙදහසක්

DECRETO FLUSSI 2023 රැකියා අවස්ථා 82705 ක් අවස්ථාවන් 44000 හිමිවන ඍතුමය / තාවකාලික රැකියා වන්නේ කෘෂිකාර්මික සහ සංචාරක හෝටල් කේෂ්ත්‍රයන් සඳහා ය. ස්ථිර රැකියා වශයෙන් අවස්ථාවන් 24015 බෙදී යන්නේ බරවාහන රියැදුරන්, ගොඩනැගිලි ඉදිකිරීම්, සංචාරක හෝටල්, ආහාර නිෂ්පාදන, නාවික යාත්‍රා කර්මාන්ත, විදුලි සංදේශ සහ මෝටර් කාර්මික අංශයන් සඳහා නිර්දේශ වී ඇත. ඍතුමය / තාවකාලික රැකියා 44000 සඳහා අයැඳුම් කිරීමේ දී පෙර වසරවල සාපේක්ෂව මේ වසර තුළ ද කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර පෙර වසරවල දී අයැදුම් කළ ආකාරයෙන් ම ඒ සඳහා ඉල්ලුම් කිරීම අවස්ථාව සේවා යෝජකයාට ලබා දී ඇත. ස්ථිර රැකියා 24105 සඳහා අයැදුම් කිරීමේ දී ඉතාලි රජය මගින් ඇතුළත් කර ඇති ප්‍රධාන නිර්දේශය වන්නේ ස්ථිර රැකියා අවස්ථාවන් සඳහා ඉතාලි සේවායෝජකයන් හෝ එම ආයතන තම රටින් බාහිරව සේවාදායකයන් (අයැදුම්කරුවන්) අයැදුම් කිරීමට ප්‍රථම තම ආයතනයේ පුරප්පාඩු වී ඇති රැකියා අවස්ථා ගණන තම ආයතනය පිහිටි නගරයේ CENTRO PER l’IMPIEGO කාර්යාලයේ දී ලියාපදිංචි කළ යුතුය. එකී පුරප්පාඩු රැකියා සඳහා CENTRO PER l’IMPIEGO කාර්යාලය ලියාපදිංචි වී ඇති අයැදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරනු ලබන්නේය.

එමගින් සපුරාලීමට නොහැකි වන රැකියා පුරප්පාඩු සඳහා ඉතාලි සේවායෝජකයාට තම රටින් බාහිරව අයැදුම් කිරීමට අවස්ථාව ඉතාලි රජය මගින් ලබා දී ඇත. පසුගිය ජනවාරි මස 26 දින ඉතාලි රජය විසින් ගැසට් කළ DECRETO FLUSSI 2023 යටතේ ඉතාලි සේවා ආයතනයක් මගින් නිර්දේශ කර ඇති රැකියා අවස්ථාවන් සඳහා ඊට අදාළ සුදුසුකම් සපුරාලීමෙන් පසු එළැඹෙන මාර්තු මස 27 දින උදේ 9.00 සිට අයැදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. අන්තර්ජාලයට පිවිසීමෙන් ඔබට මේ තොරතුරු සොයා බැලිය හැක.

ලලිත් හෙට්ටිආරච්චි
(ඉතාලිය)

advertistmentadvertistment
advertistmentadvertistment