2023 කාන්තා ලෝක කුසලානයේ සමාරම්භක තරගය ශ්‍රී ලංකාවට

158

2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරඟය සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වී ඇත. ලබන පෙබරවාරි මස 10 වැනිදා නිව්ලෑන්ඩ්ස් කේප්ටවුන් හි එම තරගය පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්‌ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (04 වෙනිදා) නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්, බෝලන්ඩ් පාර්ක් සහ සෙන්ට් ජෝර්ජියා පාර්ක් හිදී තරගාවලිය පැවැත්වේ. දින 16ක් පුරා පැවැත්වෙන තරගාවලිය පෙබරවාරි මස 26 වැනිදා ක්‍රියාත්මක වන අවසන් මහා තරඟයෙන් නිමාවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග තරගයෙන් පසු පෙබරවාරි 12 වෙනිදා බංග්ලාදේශය සමගත්, පෙබරවාරි 16 වැනිදා ඔස්ටේ්‍රලියාව සමගත්, පෙබරවාරි 19 වෙනිදා නවසීලන්තය සමඟත් තරග වදිනු ඇත.

‘බී‘ කාණ්ඩය යටතේ එංගලන්තය, ඉන්දියාව, පකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය තරඟ වදී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment