2023 RDB සමගින් විශ්වාසයෙන් ඉදිරියට

71

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වසර 37 කට අධික කාලයක් පුරා මූල්‍ය සේවා සපයමින් රටේ සංවර්ධනයට විශිෂ්ට දායකත්වය ලබා දෙනු ලබයි.

පසුගිය වසර තුළ රට තුළ පැවති කොවිඩ් උවදුර මධ්‍යයේ වුවද RDB බැංකුව සිය ගනුදෙනකුරුවන්ගේ අපහසුතාවලට සංවේදී වෙමින් දෙනු ලැබූ සහන පැකේජයන් හරහා ගනුදෙනකුරුවන් සමඟ පැවති සබැඳියාව තව තවත් වර්ධනය වී ඇත.

එලෙසින්ම 2023 වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය ගනුදෙනකුරුවන්ට ලබා දීමට සැලසුම් කර තිබෙන ඉදිරි වැඩසටහන් පිළිබඳ RDB බැංකුවේ කළමණාකාරීත්වය මෙසේ අදහස් පළ කළහ. 2023 වර්ෂයේදී RDB බැංකුව සේවාවල ගුණාත්මකභාවය තව තවත් වැඩි කරමින් ගනුදෙනකුරුවන්ගේ පහසුව උදෙසා ෘසටසඒක බැංකු සේවා පහසුකම් රැසක් නාගරික මෙන්ම ගා්‍රමීය ජනතාවට සැපයීමට සියළු සැලසුම් සකස් කර අවසන්. එම සේව පැකේජ පිළිබඳව ඉදිරියේදී ගනුදෙනකුරුවන් වෙත දැනුම් දීමට RDB බැංකුව කටයුතු සූදානම් කර තිබේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස අපි ශාඛා 272 ක් හරහා ජනතාවට විශ්වාසනීය මූල්‍ය සේවා සපයනු ලබන බව ඔබ සැම දන්නා කරුණක්. ඒ වාගේම කාන්තා ව්‍යවසාය දිරිගැන්වීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය සේවා සැපයීම මඟින් රටේ සංවර්ධනයට දායකත්වය දැක්වීම ප්‍රමුඛ කාර්යයන් ලෙස ඉටු කරනු ලබන RDB බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස ආකර්ෂණීය මූල්‍ය සේවා රැසක් සපයනු ලබයි. මෙම සියළු සේවා සමඟින් 2023 ජනවාරි 02 දින ළඟම RDB බැංකු ශාඛාවට පැමිණ ඔබගේ සුභ ගනුදෙනුව සුහද සිතින් සිදු කිරීමට අපගේ ගනුදෙනකුරුවන් සියළු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment