2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 T44 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ නුවන් ඉන්දිකට එහි 05 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.
පෙරේදා (01දා) නුවන් විසින් පිරිමි මීටර් 100 T44 තරග ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ අතර, එහි දී ඔහු විසින් මෙම තරගවාරයේ තම පෞද්ගලික හොඳම දක්ෂතාව (SB) ද සමගින් තත්පර 11.67කින් තරගය නිමා කිරීමට සමත් වූ අතර, ඔහු සමස්ත තරගකරුවන් අතරේ 05 වැනි ස්ථානය හිමිකර ගන්නා ලදී.
මේ අතර පසුගිය සෙනසුරාදා (31දා) දිනයේ දී පිරිමි මීටර් 1500 T46 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ප්‍රදීප් සෝමසිරි විසින් මිනිත්තු 4.01.84ක කාලයක් වාර්තා කරමින් 09 වැනි ස්ථානයට පත්වුණ අතර එමෙන්ම ඊයේ (02දා) අලුයම පිරිමි මීටර් 100 T42/63 ඉසව්වේ පළමු මූලික වටයට සහභාගි වූ අනිල් ප්‍රසන්න විසින් එහි දී තත්පර 13.03ක් සමග අවසන් ස්ථානය හිමිවිය.
මේ අතර (02 දා) රාත්‍රියේ දී සමිත දුලාන් F44 පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතයි.
සිසිර ඉන්ද්‍රජිත්