2024 ජාත්‍යන්තර අධ්‍යාපනික ව්‍යවසායකත්වයේ විශිෂ්ටතා සම්මානය ඉමාෂි ප්‍රකාශන ආයතනයට හිමිවෙයි

1

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවතුණු ආචාර්ය කලාම් ජාත්‍යන්තර පදනම (Dr. Kalam international Foundation) විසින් සංවිධානය කරනු ලැබූ ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳව වූ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉමාෂි ප්‍රකාශන ආයතනය 2024 ජාත්‍යන්තර අධ්‍යාපනික ව්‍යවසායකත්වයේ විශිෂ්ටතා සම්මානය හිමිකර ගනු ලැබීය.

ආචාර්ය කලාම් ජාත්‍යන්තර පදනම, ආසියාතික රටවල අධ්‍යාපනය සඳහා වූ පාසල් විද්‍යාල, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සඳහා වූ කර්මාන්ත තුළින් සමන්විත වූ සමාජයක් හා ඔවුනොවුන් අතර සහජීවනය ගොඩනැඟීමේ අරමුණු ප්‍රධාන කොටගෙන මෙම ඇගයීම් සමුළුව පවත්වනු ලැබීය. ආසියාතික රටවල් කිහිපයකම ගුරු ප්‍රභූ රැසක් මේ සඳහා සහභාගිවූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර්, බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂ සහ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ, සභාපති ළමා රක්ෂණ අධිකාරිය, ජ’පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ, ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යක්ෂ චන්ද්‍රසිරි දිසානායක, ඉමාෂි ප්‍රකාශන අධිපති විමල් දිසානායක, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙර පාසල් ඒකකයේ සංවර්ධන නිලධාරිනි අසිතා අමරපාලී යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගි විය. මෙහි ශ්‍රී ලාංකීය සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ ගුණාත්මක අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ සභාපති, ජනක කමල්ගොඩ විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment