මෙම අප්‍රේල් මස 14 වෙනි සඳුදා ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 3 මිනිත්තු 21 අංශක 12 කලා 57 ශනි හිමි කුම්භ ලග්නයෙන්, ශනි හිමි මකර නවාංශකයෙන් රාහු හිමි සා නැකතේ සිව්වන පාදයෙන්, වජ්‍ර යෝගයෙන්, කෞලවකරණයෙන් ඡත්‍ර නම් මහා යෝගය ද සහිතව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන මෙම වර්ෂය සෘෂි නියමය අනුව සෙනසුරුට අයත් වේ. නව වසර ආරම්භ වන විට ලග්නාධිපති සෙනසුරු, බුධ, සිකුරු, රාහු සමඟ 2 වැන්නේ සිටින අතර ගුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 8 වැන්නේද, සඳු 9 වැන්නේද සිටී. මේ අනුව මෙම වර්ෂය අප රටට මිශ්‍ර ඵලදායක වන අතර කෘෂිකාර්මික අංශයේ නව පිබිදීමක් ඇති වේ. ඉඩකඩම්, වතුපිටිවල සශ්‍රීකභාවයක් ඇති වන අතර ගොවිතැන් කටයුතුවල දියුණුවට රජය විශේෂ උනන්දුවක් දක්වා කටයුතු කරයි. වරින් වර ස්වභාවික විපත්වලින් හානි සිදු වුවද එම අභියෝග මැද වුවද වගා කටයුතුවලින් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්ගෙන් ද රටේ මුදල් තත්ත්වයේ වර්ධනයක් අත්පත් කරගත හැකි වේ. වෙළඳ කටයුතුවල විශාල දියුණුවක් දක්නට ලැබෙන අතර රටේ ආර්ථික වර්ධනයට ජාත්‍යන්තරයේ සහයෝගය ලැබේ. බදු වැනි හේතූන් නිසා ව්‍යාපාර ක්ෂේත්‍රයේ යම් යම් අංශවල කඩාවැටීමක් ඇති වුවද ඒවා ජය ගැනීමට ද ශක්තියක් සහිත ග්‍රහ බලයක් පවතී. වරින් වර බෝවන රෝග වැනි ලෙඩ රෝග රට තුළ ඇති විය හැකි අතර හදිසි අනතුරු හා මරණවල ද වර්ධනයක් දක්නට ලැබෙයි. රටේ අධ්‍යාපන ක්ෂෙත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවන අතර රටට ගැළපෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් මෙම වර්ෂයේ ඇතිවේ. නීති අංශයේ ද ප්‍රතිසංස්කරණ ඇතිවන අතර ඒවා තුළින් නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුවෙයි. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා ජන ජීවිත සුරක්ෂිත කිරීමට රජයේ විශාල කැපවීමකින් කටයුතු කරන අතර ජනතාව ද හැකිතාක් දැහැමිව කටයුතු කිරීම තුළින් අභියෝග ජය ගත යුතුව ඇත.
මෙම වර්ෂය ලග්න වශයෙන් වෘෂභ, මිථුන, තුලා යන ලග්න හිමියන්ට ඉතා සුබදායක අතර අනෙකුත් ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක තත්ත්වයක් උදාකරයි. එම ලග්න හිමියන් වඩ වඩාත් ධර්මානුකූල වීම තුළින් හා සිත, කය, වචනය යන තුන්දොරින් නිවැරදි ක්‍රියාවල නිරතවීමෙන් විය හැකි අයහපත් තත්ත්වයන් වළකා ජීවිත වාසනාවන්ත කරගත හැකිය.
මේෂ ලග්නය-
ආගම දහමට නැඹුරුව ක්‍රියා කරන්න
මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. මෙතෙක් පැවති රැකියා බාධා දුරුවන නව රැකියා බලාපොරොත්තු පහසුවෙන් ඉටු කර ගත හැකි වේ. උසස් වීම්, තනතුරු ආදිය මෙන්ම ස්ථාන මාරු ආදිය ද ලබා ගත හැකි වේ. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ. මිල මුදල් ලැබීම් අතින්ද මෙම වර්ෂය ඉතාම සුබදායකය. අනපේක්ෂිත මුදල් ලාභ හිමි වේ. ගොවිතැන්, ඉඩකඩම්, වගා කටයුතු ආදීයෙන් ඉහළ ආදායම් ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාර වලින්ද ලාභ ප්‍රයෝජන අත් වේ. එහෙත් නිෂ්ප්‍රයෝජන වියදම් යෙදීමට ද, ධන හානිවලට ද ඉඩ ඇති බැවින් උපයන ධනය වියදම් කිරීමේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. දැනට ඔබට සෙනසුරු ඒරාෂ්ඨකයක් ආරම්භ වී ඇති නිසා සිත් පීඩා ඇති විය හැකි බැවින් පවුල තුළ සතුටට, සමගියට බාධා ඇති විය හැක. පවුලේ අය වෙනුවෙන් වියහියදම් කිරීමට ද සිදුවේ. නොකළ වැරදිවලට චෝදනා ලැබීමට ඉඩ ඇත. මෙම වර්ෂය තුළ ඔබ කිසිදු වැරදි ක්‍රියාවකට යොමු වන්නට එපා. එසේ වුවහොත් ඔබේ පවුල් ජීවිතයට හානි මෙන්ම නීතියෙන් පවා ඔබ වැරදිකරුවකු වීමට ඉඩ ඇත.
මේ වසරේ ඔබේ ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. පවතින අසනීප තත්ත්වයන් වැඩි විය හැකි අතර උණ, උදරාබාධ, ලේ සම්බන්ධ රෝග, හෘදයාබාධ ආදිය ඇති විය හැකිය. මෙම රෝගාබාධ ඔබට මෙන්ම ඔබේ පවුලේ අයට ද ඇති විය හැකිය. ඒවා නිසා වියහියදම් මෙන්ම බොහෝ වෙහෙස මහන්සි වීමට ද ඔබට සිදු වේ. ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉටු කර ගත හැකි අතර තරග විභාග ආදියෙන් ජය අත් වේ. අධ්‍යාපන කටයුතු සඳහා අන් අයගේ උදව් උපකාර හිමි වන අතර විදේශීය අධ්‍යාපනයට ද අවස්ථා උදා වේ. සෙනසුරු 12 වැන්නේ ගමන් කරන නිසා ඔබ තුළ ආගමික නැඹුරුවක් ඇතිවිය හැකි බැවින් ඉන් ප්‍රයෝජන ගෙන හැකිතාක් ආගම දහමට නැඹුරුව ක්‍රියා කරන්න.
වෘෂභ ලග්නය –
ධනය අතින් ඉතා සුබදායක වර්ෂයක්
මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. රැකියාවෙන් ලැබෙන ආදායම් වර්ධනය වේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ. රැකියා උසස්වීම් තනතුරු ආදිය හිමි වේ.
රැකියා කටයුතු සම්බන්ධ ඇවිදිලි තරමක් වැඩිවිය හැක. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවන අතර විදේශ රැකියා බලාපොරොත්තු ද ඉටු වේ. ඔබේ ධන කාරක ගුරු 2 වැන්නේත්, යෝගකාරක සෙනසුරු 11 වැන්නේත් ගමන් ගන්නා බැවින් මෙම වර්ෂය ධනය අතින් ඉතාම සුබදායකය. මෙම වර්ෂයේ ඔබ නිසරු ඉඩමක් වගා කළත් එයින්ද හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. පොළොව ආශ්‍රිත කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නිවාස ඉඩකඩම් දේපල ආදිය ඔබට ලාභදායී ලෙස මිලදී ගැනීමටත්, වාසිදායක ලෙස විකුණා ගැනීමටත් හැකිවේ. ව්‍යාපාර කටයුතු ද බෙහෙවින් දියුණුවේ. හදිසි ධන ලාභ ආදිය හිමි වේ. ආයෝජනවලට ඉතාම සුදුසු වර්ෂයකි.
ඔබේ ගෘහ ජීවිතය ද ඉතා වාසනාවන්ත වන අතර විවාහකයින්ගේ විවාහ ජීවිතයේ සැප, සතුට වර්ධනය වේ. පවුල් ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය දෝර ගලා යයි. දරුඵල අපේක්ෂාවන්ද ඉටුවේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වේ. ඔබේ අධ්‍යාපන කටයුතුවලට ද අවශ්‍ය පහසුකම් ලැබෙන අතර මතක ශක්තිය හා අවබෝධ ශක්තිය වර්ධනය වේ. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැකි වේ. ශරීර සෞඛ්‍යය හා ශරීර ශක්තිය මෙම වර්ෂයේ තරමක් දුර්වල විය හැකි අතර පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග ඇති අය වඩා ප්‍රවේශම් විය යුතු අතර දණහිසෙන් පහළ කොටසේ ආබාධ ඇතිවීමට ඉඩ ඇත.
මිථුන ලග්නය –
විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ.
මෙම වර්ෂය මිථුන ලග්න හිමි ඔබට ජීවිතයේ දියුණුව උදාකර ගැනීමට ඉතාම සුබ වර්ෂයකි. මිල මුදල් ලැබීම අතින් මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාභ ලැබිය හැක. එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ද සිදුවේ. ඔබගේ භාග්‍යස්ථානාධිපති මෙන්ම කර්මස්ථානාධිපති ද වන සෙනසුරු 10 වැන්නේ ගමන් කරන බැවින් මෙම වර්ෂයේ රැකියා කටයුතු වෙනුවෙන් තරමක් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වුවත්, ඒ හේතුවෙන්ම රැකියාවේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ද වැඩිපුර වෙහෙස මහන්සි විය යුතු වන අතර ඔබේ මහන්සියේ තරමට උපරිම ලාභ ලබා ගත හැකි වසරකි. විදෙස් ගත රැකියා බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට පැවති සියලු බාධා දුරුව එම ප්‍රාර්ථනා ඉටුකර ගත හැකි වන වසරකි.
මෙම වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායකයි. අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමි දරුවන්ට මෙම වර්ෂයේ බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. අධ්‍යාපනයට හොඳ ගුරුවරු ලැබෙන අතර මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට ශිෂ්‍යත්ව මෙන්ම ඥාතීන්ගේ පවා උදව් උපකාර ලැබේ. විභාගවලින් පහසුවෙන් සමත් වේ. විදෙස්ගත අධ්‍යාපනයට ඉතාම සුබ වර්ෂයකි. මේ වර්ෂයේ ඔබේ ශරීර සෞඛ්‍ය බොහෝ දුරට යහපත් වන අතර පැවැති ලෙඩ රෝග සුව අතට හැරෙයි.
ගුරු ලග්නයේ ගමන් කරන මේ වර්ෂය ඔබේ නායකත්වය පෞරුෂත්වය කැපී පෙනෙන අතර ආධ්‍යාත්මික අංශයට ද වැඩි නැඹුරුවක් ඇති වේ. ඔබේ ජීවිතයේ ලෞකික සැපය වෙනුවෙන් බොහෝ දේ ලැබෙන අතර නිවසේ ද දියුණුවක් ඇති වේ. අඹුසැමියන් අතර විවිධ මත ගැටුම් ඇති විය හැකි බැවින් විවාහ ජීවිතය කල්පනාවෙන් ගෙන යන්න. අවිවාහකයින්ට මංගල යෝග උදාවන අතර ස්ත්‍රී පුරුෂ සබඳතා බෙහෙවින් දියුණුවේ. පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂය ඔබට සුබදායක වන අතර ඔබගේ දියුණුව උදෙසා කරනු ලබන කටයුතුවලට නව ඇරඹුමක් ගත හැකි වසරකි.
කටක ලග්නය –
ගෘහ ජීවිතය වාසනාවන්ත වේ.
ඔබේ දක්ෂතාවලට නිසි තැන ලැබෙන මෙම වර්ෂයේ රැකියා කටයුතුවල ද විශේෂ දියුණුවක් ඇති වේ. පසුගිය කාලයේ පැවති රැකියා බාධා දුරුවන අතර ඔබේ නව රැකියා අවස්ථා උදාවෙයි. තනතුරු, උසස්වීම් ආදිය හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුද දියුණු වේ. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ. මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. වැය පක්ෂය ද ඉහළ ගියත් ඔබට තිබූ ණය මුදලකින් නිදහස් වීමට හැකිවන අතර තැන්පත් ධනයේ ද වර්ධනයක් සිදු විය හැකිය. ආර්ථිකයේ දියුණුවක් ළඟා කර ගත හැකි වසරකි. මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය වාසනාවන්ත වන අතර පවුලේ සියලු දෙනා එකට එක්ව සතුටින් කාලය ගත කළ හැකි වේ. එහිදී ඔබ තුළ ඉවසීම හා යහපත් සන්නිවේදනය පවත්වා ගැනීම ද වැදගත්ය. සමාජයේ ද ගෞරවය, පිළිගැනීම, සැලකිල්ල හිමි වන අතර ආගමික කටයුතුවලට ද යොමු වේ. ඔබේ දෙලොව දියුණුවටම වැඩ සලසා ගත හැකි වසරකි.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ පැවැති අලසකම, පසුබෑම මෙම වර්ෂයේදී ද තරමක් පවතින බැවින් අභියෝග ජයගෙන උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදීම තුළින් විභාග ආදියෙන් ජය ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම විදෙස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බලාපොරොත්තු ද ඉටු කර ගත හැකි වේ. මෙම වර්ෂයේ ඔබගේ ශරීර සෞඛ්‍ය නම් තරමත් අයහපත් තත්ත්වයකට පත් වෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, හිසරුදාව වැනි සෙම් රෝග, අර්ශස්, මළ බද්ධය ඇතිවිය හැකි අතර නිතර නිතර සුළු අසනීප ගති නිසා ශරීරය පීඩාවට පත් වේ.
සිංහ ලග්නය –
ආදායම් ඉහළට
ධනකාරක ගුරු අයස්ථානයේ ගමන් ගන්නා බැවින් මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. ගොවිතැන්, වෙළහෙළඳාම්, ව්‍යාපාර, රැකියා කටයුතුවලින් බලාපොරොත්තු වන පරිදි ආදායම් ලැබෙන අතර මෙම වර්ෂය ආයෝජනවලට ද ඉතාම සුදුසුයි. එහෙත් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ඨකයක් පවතින බැවින් උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව ඒරාෂ්ඨකය බලවත් නම් මුදල් සම්බන්ධ කටයුතුවලදී ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.
රැකීරක්ෂා කටයුතුවලට තරමක බාධා මතු විය හැකිය. සතුරු කරදර නිසා සිත් පීඩා ඇතිවන අතර ඇතැම් විට රැකියා වෙනසක් පවා සිදු විය හැකිය. එසේ වුවත් ඔබ ඉතා උනන්දුවෙන් හා නිවැරදිව රැකියා කටයුතුවල නිරත වන්නේ නම් විශාල දියුණුවක් හා ගෞරවයක් බලාපොරොත්තු වීමට පුළුවන. මෙම වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙන අතර ඔබ උපක්‍රමශීලී ලෙස කටයුතු කරන වසරක් ද වේ. ඔබ උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන්නේ නම් තරග විභාග ආදියෙන් ඉතා පහසුවෙන් සමත් විය හැකිය.
නොගැළපෙන සම්බන්ධතා ආදිය ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් මෙම වර්ෂයේ ඔබ ඒවායින් බොහෝ දුරට ප්‍රවේශම් විය යුතුය. වැරදි ලෙස කම්සැප සෙවීමට යාම නිසා ඔබට බොහෝ කරදර නින්දා, අපහාස, සිත් වේදනා ඇති විය හැකි වසරකි. එම නිසා හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීම තුළින් පවුල තුළ සතුට පවත්වාගත හැකිය. අවිවාහකයින් විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදීද හොඳින් සොයා බලා කටයුතු කළ යුතුය. ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙම වසරේ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කායික ශක්තිය අඩු විය හැකි අතර මානසික පීඩා ද නිතර ඇතිවීමට පුළුවන. කැසීම්, කුෂ්ඨ රෝග, ලිංගාශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ, ධාතු දුර්වලතා, වකුගඩු ආබාධ ආදිය සෑදීමට ඉඩ ඇති අතර මේවා ඔබගේ විවාහ සහකරුට වුවද සෑදිය හැක.
කන්‍යා ලග්නය –
රැකියා බලාපොරොත්තු ඉටු වේ
මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙයි. රැකියා කටයුතු සම්බන්ධව පැවති සතුරු පීඩා දුරුවන අතර රැකියා උසස් වීම් ආදිය බලාපොරොත්තුව සිටි අයට ඒවා හිමි වේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ව්‍යාපාර කටයුතු ද සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වේ.
ඒවායින් බලාපොරොත්තු වන ආදායම් ලැබීමට පුළුවන. එහෙත් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවන අතර ඔබ ඔබට ලැබෙන ආදායම් කවර හෝ අනපේක්ෂිත හේතුවලට වියදම් විය හැක. එම නිසා ආදායම් වියදම් කළමනාකරණය කර
ගැනීම මේ වර්ෂය තුළ ඔබට ඉතා වැදගත්ය. මෙම වර්ෂයේ ඔබේ ඥාන ශක්තිය හොඳින් පැවතුණත් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අලස, උදාසීන ගති ඇතිවිය හැක. එබැවින් එම ගති දුරලා ධෛර්යමත්ව කැපවීමෙන් හා උත්සහයෙන් ක්‍රියා කර අධ්‍යාපනයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකි වසරකි.
මෙම වර්ෂයේ ඔබට ඉතා හොඳින් කම්සැප විඳීමට අවස්ථාව ලැබෙයි. එහෙත් සෙනසුරු 7 වැන්නේ ගමන් කරන නිසා ඔබ එහිදී ඉතා ප්‍රවේශම් විය යුතුය. කම්සැප වැරදි ආකාරයෙන් විඳීමට යාමෙන් ඔබට ඒ වෙනුවෙන් චිත්ත පීඩා විඳීමට සිදු විය හැකිය. එම නිසා පවුලේ අය සමග ඉතා විශ්වාසදායීව කටයුතු කළ යුතු අතර පවුල් ජීවිතය සතුටින් හා සමාදානයෙන් පවත්වාගෙන යාමට නම් ඔබ තුළ ඉවසීම පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. සමස්තයක් වශයෙන් ගත් කල මෙම වර්ෂයේ පෙරට වඩා ඔබේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. මෙතෙක් පැවති අසනීප සුව වේ. එහෙත් දත් රෝග, ලිංගාශ්‍රිත රෝග, උණ වැනි රෝග තාවකාලිකව ඇති විය හැකිය. මෙම රෝග ඔබේ විවාහ සහකරුට ඇතිවීමට ද ඉඩ තිබේ.
තුලා ලග්නය –
රැකියා උසස්වීම්
විපරීත රාජයෝග තුනක් සමගින් ඔබට ඇරඹෙන මෙම නව වසර ධනය පැත්තෙන් ඉතා සුබදායී වේ. ලග්නාධිපති 6 වැන්නේ වීමත්, ගුරු 9 වැන්නට පැමිණීමත් නිසා ඔබේ වැඩකටයුතු වලට අවශ්‍ය පරිදි මුදල් ලැබෙයි.
ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතු ද ඉතා සාර්ථක වන අතර රැකියාවේ උසස්වීම් ආදිය ද හිමි වේ. නව රැකියා, ස්වයං රැකියා ඇරඹීමට ද මෙම වර්ෂය ඉතාම සුබදායකයි. නව ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට ද ඉතා සුදුසුයි. විදෙස් රැකියා බලාපොරොත්තු ද පහසුවෙන් ඉටු කර ගත හැකි වසරකි. පවුලේ අය සමග කටයුතු කිරීමේදී කෝප නොවී හැම විටම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඔබේ ගෘහ ජීවිතයේ වාසනාවන්ත සහ සතුටුදායක කරගත හැකිය.
කෙසේ වෙතත් ගුරු 9 වැන්නේ ගමන් කිරීම නිසා ඔබ වඩාත් ආධ්‍යාත්මික අංශයට නැඹුරු වන අතර ඒ තුළින් ඔබේ සිතුවිලි පහන් බවට පත්ව නිවස තුළ සැප, සතුට දියුණුව උදා වේ.
ගුරු 9 වැන්නේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වෙයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර විදෙස් රටවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව වැනි පහසුකම් ආදිය හිමිවෙයි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක.
ඔබට තදබල සෞඛ්‍ය ගැටලු ද ඇති නොවන අතර ඉඳ හිට සුළු අසනීප ඇති වුවත් පොදුවේ නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය. ඔබේ දරුවන්ට බෝවන රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත.
වෘශ්චික ලග්නය –
උත්සාහය මත ප්‍රතිඵල ලැබෙන අවුරුද්දක්
මෙම වර්ෂය ඔබේ රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. උත්සාහයෙන් හා උනන්දුවෙන් රැකීරක්ෂා කටයුතුවල නිරත වීමෙන් රැකියා දියුණුව, උසස්වීම් ආදිය ලබා ගත හැකි වේ. එහෙත්
රැකියාව නිසා චිත්ත පීඩා ඇති විය හැක. ඔබේ උත්සාහය මත ප්‍රමාණවත් ධනයක් ද උපයා ගත හැකිය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වන ආදායම් ලැබෙන නමුත් උපයන ධනය ක්ෂණිකව වියදම් වීමට කරුණු යෙදේ. එම නිසා තැන්පත් ධනයක් පවත්වා ගැනීම අසීරුය. මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය තරමක්
ගැටලු සහගත විය හැකිය. පවුලේ අය සමඟ නිතර අමනාප වීම් ඇති වේ. පවුලේ කෙනෙකුට මාරක අපලයක් ද ඇති විය හැකිය. දරුවන් අසනීප වීමටද, දරුවන් තුළ හිතුවක්කාර ගති ඇතිවීමටද ඉඩ ඇත. එම නිසා පවුල තුළ සතුට හා සමගිය පවත්වා ගැනීමට ඔබ බෙහෙවින් ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුය.
අධ්‍යාපන කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ද මෙම වර්ෂය තුළ වෙනදාට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු වේ. සාහිත්‍යය, කලා කටයුතුවල නිරත වෘශ්චික ලග්න හිමියන්ට එම කටයුතුවල දියුණුවක් අත්පත් කර
ගැනීමට හැකි අතර කලබලකාරී ගතියෙන් තොරව නුවණින් විමසා බලා කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකිය. ඔබ මෙම වර්ෂය තුළ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. ගුද මාර්ගයේ අසනීප, ආමාශගත රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වාත රෝග වැනි රෝග පීඩා ඇති විය හැකි අතර ප්‍රතිශක්තිය ද දුර්වල විය හැකිය. නිතර අලස, උදාසීන ගති පැවතිය හැක. හදවත් රෝග ඇති අය මෙම වර්ෂයේ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.
ධනු ලග්නය –
යුග දිවියේ සතුට
මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා සම්බන්ධ ඔබේ සියලු අපේක්ෂාවන් පහසුවෙන් ඉටු වේ. ඔබේ රැකියා කටයුතුවලට සියලු දෙනාගේ සහය ලැබෙන අතර ව්‍යාපාර කටයුතු ද බෙහෙවින් සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර සඳහා ඔබට විශ්වාසවන්ත සුදුසු සහකරුවන් හමුවන අතර ඔවුන්ගේ සහයෝගය ලැබේ. නව රැකියා අවස්ථා උසස්වීම් මෙන්ම යුරෝපීය රටවලට යා හැකි විදේශ රැකියා අවස්ථා ද උදා වේ. මෙම වර්ෂය ධනු ලග්න හිමි ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත් සුබදායී වසරකි. ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට මෙම වසර ඉතාම සුදුසුයි. ව්‍යාපාරවලින් ඔබට ඉතා ඉහළ ලාභයක් අත්පත් කර ගත හැකිය. රැකියා කටයුතුවලින් ද ඉහළ ආදායම් ලැබේ.
මේ වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව සිදුකර ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් පහසුවෙන් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වේ. මේ වර්ෂයේ ඔබගේ සහජ දක්ෂතා මතුවන, ඒවාට නිසි තැනක් ලැබේ. මෙම වර්ෂයේ ඔබගේ විවාහ ජීවිතය ද ඉතාම සාර්ථක වෙයි. විවාහ ජීවිතය තුළ ආදරය, සෙනෙහස උතුරා යන අතර අඹුදරුවන් සමග ඉතාම සතුටින් කාලය ගත කළ හැකිය. නිවසේ දියුණුවට වැඩ කටයුතු සිදුවන අතර දරු සම්පත් ද හිමි වේ. අවිවාහකයින්ට ඉතාම සුදුසු මංගල යෝජනා ලැබෙන අතර දැනට පවතින පෙම් සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය ලැබෙයි. තදබල රෝග පීඩා ඇති නොවුණත් ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වන අතර වාත රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත. විශේෂයෙන් මවගේ අසනීප වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වේ.
මකර ලග්නය –
පැවති බාධා ඉවතට
මකර ලග්න හිමි ඔබට මෙම වර්ෂය බෙහෙවින් ශුභදායක වේ. ඔබේ ආර්ථිකය සම්බන්ධව පැවැති බාධා ඉවත්ව යන අතර යහපත් ආර්ථිකයක් ගොඩනංවා ගත හැකි වේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද, ණය තුරුස් වලින් නිදහස් කිරීම වීමටද හැකි වේ. හදිසි ධන ලාභ, මැණික් ලාභ, ලොතරැයි ජය වැනි ලැබීම් ඔබට ඇති අතර නව ධනෝපායන මාර්ග ආරම්භ කිරීමටද සුදුසු වසරකි. රැකියා, ඉඩකඩම්, දේපළ, ව්‍යාපාර ආදියෙන් ඔබ බලාපොරොත්තු වන තරමට ආදායම් ලබාගත හැකි වේ. රැකියා කටයුතු ද ඉතා සාර්ථක වන අතර රැකියා ස්ථානය තුළ ඉහළ පිළිගැනීමක් හිමිවෙයි. සතුරු බල බිඳීගොස් ඔබේ බලය වැඩි වී ඔබ කරන සෑම කටයුත්තක්ම සාර්ථක වන අතර රැකියා උසස්වීම්, පහසු ස්ථානවලට මාරුවීම් ආදිය ලැබේ. විදෙස් රැකියා බලාපොරොත්තු ද ඉටු වේ.
උදා වූ මෙම වර්ෂය පැවැති දුක් දොම්නස් පහව ගොස් ආදරය, සතුට, සෙනෙහස මැද පවුලේ සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකි වසරකි. අමනාපව සිටි අය පවා ඔබ සොයා පැමිණේ. ඥාති සබඳතා වර්ධනය වේ. ඔබේ සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. නිවසේ දියුණුවට, අලංකාරයට කටයුතු සැලසේ. ඔබේ බොහෝ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වසරකි. ඔබේ ශරීරය සෞඛ්‍ය පිළිබඳව මෙම වර්ෂය තුළ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අක්ෂි රෝග, දත් රෝග, මලබද්ධය, කොලෙස්ටෙරෝල් වැනි රොා්ගාබාධ වැලඳීමට ඉඩ ඇත අධ්‍යාපන කටයුතු ද බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වේ. අලුත් විෂය ක්ෂේත්‍රයන් හැදෑරීම ආරම්භ කිරීමට ද සුදුසු වර්ෂයකි. තරඟ විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැක.
කුම්භ ලග්නය –
තරග විභාගවලින් ජය
මෙම වර්ෂයේ ඔබේ රැකියා, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් දක්නට ලැත්තේ මිශ්‍ර ඵලදායක තත්ත්වයකි. 2 වැන්නේ ගමන් කරන සෙනසුරුගේ බලපෑම හේතුවෙන් රැකියා ස්ථානය තුළ කළකිරීම්, බාධාවීම් ආදිය ඇති විය හැක. සතුරු කරදර මතු විය හැක. එහෙත් රැකියා ස්ථානය තුළ ඔබට පැවරෙන රාජකාරි නිවැරදිව ඉටු කිරීමෙන් එම අසුබතාවලින් වැළකිය හැක. මෙම වර්ෂයේ ඔබේ ආදායම් ලැබීම් යහපත් වන අතර ධන ලාභවලට ද ඉඩකඩ ඇත. ඒ සමගම හදිසි වියදම් ද යෙදෙන බැවින් ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම අසීරුය. මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු කිරීමෙන් වැළකී ඔබ සතු ධනය ප්‍රවේශම් කර ගැනීමට කටයුතු කළ යුතුය. ගුරු මහ දශා අතුරු දශා ගත කරන අයට ධනය ලැබීම අතින් ඉතා සුබදායක තත්ත්වයක් පවතී.
ගුරු 5 වැන්නේ ගමන් කරන මේ වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාමත් සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු බෙහෙවින් දියුණුවට පත්වන අතර තරග විභාග ආදියෙන් ජයග්‍රහණය කළ හැකි වේ. විදෙස් රටවල අධ්‍යාපන කටයුතු අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු පහසුවෙන් ඉටු වේ. මෙම වර්ෂයේ ඔබේ යුග ජීවිතය තුළ මත ගැටුම් හා පවුලේ සමගියට බාධා සිදු වන දේ ඇතිවිය හැකි බැවින් නිවස තුළ කටයුතු කිරීමේදී සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහකයින්ගේ දරුපල අපේක්ෂාවන් ඉටුවන අතර සුදුසු වයසේ සිටින අයට සුදුසු මංගල යෝජනා උදා වේ. ප්‍රේම සම්බන්ධතා වලට දෙමාපිය ආශිර්වාදය හිමි වේ.
ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි බැවින් සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වුව ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග, විෂ වීම්, තුවාල, හදිසි අනතුරු ආදිය ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.
මීන ලග්නය –
මිශ්‍ර ඵලදායක වසරක්
මෙම වර්ෂය මීන ලග්න හිමි ඔබට ධනය අතින් මිශ්‍ර ඵලදායක වේ. බලාපොරොත්තු වන ආකාරයට ඔබට ධනය ලැබුණත් එම ධනය ලබාගැනීමට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවේ. ධනය නිකරුනේ වියදම් වීමටද ඉඩකඩ ඇත. සොර සතුරු කරදර පවා ඇති විය හැකිය. එම නිසා ඔබ ඉතාමත් සැලකිල්ලෙන් මෙම වර්ෂයේ ඔබේ ධනය ප්‍රවේශම් කර ගත යුතුය. කිසිසේත්ම මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු සිදු නොකළ යුතුය.
රැකියා කටයුතු සම්බන්ධව ඔබ උනන්දුවෙන් හා උත්සාහයෙන් කටයුතු කරන බැවින් රැකියා කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. වරින් වර රැකියා සම්බන්ධව ගැටලු මතු වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ ඇත. කේළාම් ඕපාදූප ආදියෙන් ඔබට සිත් පීඩා ඇති වෙයි. එසේ වුවත් ඔබට පැමිණෙන රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමෙන් රැකියා කටයුතු සාර්ථක කර ගත හැකිය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන මීන ලග්න හිමියන් ද මෙම වර්ෂයේ වඩාත් කල්පනාකාරීව එම කටයුතු සිදු කළ යුතුය. විදෙස් ගමන්වලට මෙම වර්ෂය සුබදායකය
මෙම වර්ෂය තුළ ඔබේ විවාහ සතුටින් ගෙන යා හැකි වේ. පවුල තුළ පැවති මතභේද ගැටුම් බොහෝ දුරට අවම වේ. එහෙත් නීතිමය ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් එවැනි අවස්ථාවලට හැකිතාක් සම්බන්ධ වීමෙන් වළකින්න. මෙම වර්ෂයේ ඔබට විවාහය යෝජනා ලැබුණත්, ඒවා පිළිබඳ තීරණ ගත යුත්තේද ඉතාමත් කල්පනාකාරීවය. විවාහකයින්ට දරුඵල ලැබීමේ වාසනාව ඇත. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ද ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, උදරාබාධ, සෙම ආශ්‍රිත රෝග පීඩා ආදීය ඇති විය හැකිය. සුළු අසනීපයකදී පවා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන අතර අනතුරු ආදියෙන් ද ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද තරමක් බාධා මතුවිය හැකි බැවින් වෙනදාට වඩා දැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් මෙම වර්ෂය තුළ අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය.
ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය
ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල. 076 824 8000