2028 ඔලිම්පික් උළෙල ඇමරිකාවේ

315

ඔලිම්පික් ධජය ටොම් කෲස්ට

2024 පැරිස් ඔලිම්පික් සමාප්තිය සනිටුහන් කිරීමට හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් එක්වී තිබේ.

2028 වසරේ මීළඟ ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ඔලිම්පික් ධජය ගෙන යෑමට හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් එක්වීම කැපීපෙනෙන අංගයක් බවට පත්ව තිබේ.

ටොම් කෲස් ප්‍රේක්ෂකාගාරයේ වහලය මතින් කේබල් ආධාරයෙන් පැමිණ ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන සීමෝන් බයිල්ස් වෙතින් ඔලිම්පික් ධජය රැගෙන යතුරුපැදියකින් ගිය ආකාරය දක්නට ලැබිණි.

ඉන්පසු සුප්‍රසිද්ධ හොලිවුඩ් සලකුණ වෙත ගොස් ඔලිම්පික් නිල ලාංඡනය එහි වර්ණවත් කිරීමට කටයුතු කර ඇත.

මීළඟ ඔලිම්පික් තරග 2028 ජූලි 14 ආරම්භ වී ජූලි 30 වැනිදා අවසන් වේ. මීට පෙර 1932දී ලොස්ඇන්ජලීස්හි ඔලිම්පික් තරගාවලියක් පවත්වා තිබේ.

2032 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේය.

සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment