2048 ශ්‍රී ලංකාව දියුණුවේ වසරයි

105

ජනපති සූම් තාක්‍ෂණයෙන් එජාප මැයි දින සැමරුම අමතා පවසයි
රට ගොඩනගන්නේ අනාගත දරු පරපුරටයි

2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර වන අතරම මේ රට ගොඩනගන්නේ වත්මන් පුරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට හා දරුවන්ට බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01 දා) පැවසීය.

2048 ශ්‍රී ලංකාව දියුණුවේ වසරයි

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ එක්සත් ජාතික පක්‍ෂය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (01 දා) සංවිධානය කර තිබූ මැයි දින සැමරුම සඳහා සූම් තාක්‍ෂණය ඔස්සේ සහභාගි වෙමිනි.

නිදහසින් වසර සියයක් සපිරෙන 2048 වන විට ඉන්දියාව 2047 දීත්, චීනය 2049 දීත් සපුරා ගැනීමට අපේක්‍ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසෙන ප්‍රතිපත්ති සඳහා රජයේ කැපවීම සමඟ රටේ දීර්ඝ කාලීන ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා මෙම වසරේ එකඟතාවකට පැමිණීමට අපේක්‍ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment