2050 දී සාගරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය මාළුන්ට වඩා වැඩි වෙනවා

147

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර

2050 වසර වනවිට ලෝක සාගරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය මසුන්ටත් වඩා ඉහළ යන බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා (23 දා) පැවසීය.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මගින් සංවිධානය කරන ලද ගැඹුරු මුහුදේ කැනීම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඔහු එසේ කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඔහු මෙසේද කීය.

මහා සාගරය කියන්නෙ අපේ ජීවිතය එක්ක සම්බන්ධ වෙච්ච හොඳ පාරිසරික තත්ත්වයක් තියෙන තැනක්. මේ නිසා සාගර පරිසරය අපි සියලුදෙනා ආරක්‍ෂා කරගැනීම ඉතා වැදගත් වෙනවා. අපේ ලංකාව වගේ අට ගුණයක් විශාල සාගර කලාපයක සමුද්‍ර දූෂණය වළක්වන්න පාලනය කරන්න වගකීම තියෙන්නෙ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියටයි.

සෞඛ්‍ය සම්පන්න සාගරයක් සහ සුපිරිසිදු වෙරළ තීරයක් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම මූලික අපේක්‍ෂාවයි. සියයට 60 කටත් වඩා ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපයන්නේ සාගරයයි.

මෙම මාධ්‍ය හමුවට සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, මොරටුව විශ්වවිiාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් රත්නායක යන මහත්වරු සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment