‘21’දැන් ගෙනාවට මහජන අපේක්ෂා ඉටුවන්නේ නෑ

199

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ ගෙන ඒමෙන් මහජන අපේක්‍ෂාවන් ඉටුවන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.මේ අවස්ථාවේ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තු නියෝජනයක් පවතින නිසා 21 වැනි සංශෝධන වෙනුවට හැකි අවස්ථාවක අලුත් මහ මැතිවරණයක් පවත්වා එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයක් කිරීම වඩාත් සුදුසු බවද ඔහු කීවේය.මේ අවස්ථාවේ රුපියල් කෝටි 1000 කට වැඩි වියදමක් දරා මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් ද නැතැයි කී ඒ මහතා පාර්ලිමේන්තුවේ වියදම් පාලනය, තරුණ කාන්තා නියෝජනය වැඩිකර ගැනීම, පූර්ව ඡන්ද දවසක් නියම කිරීම (ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි සාමාන්‍ය අයටත් වෙනත් දිනයක් ලබාදීම) වැනි යෝජනා සම්මත කර ගැනීමට හැකි නම් වඩාත් යෝග්‍ය බවද පැවසීය.මේ අවස්ථාවේ මැතිවරණ කොමිසම ලෙස සියලු පක්‍ෂවලින් ඉල්ලා සිටින්නේ නව මහ මැතිවරණයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ වෙනස් කිරීමක් සිදුකිරීම සඳහා සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම යැයි ද පුංචිහේවා මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment