21 ජනාධිපති තවත් බලසම්පන්න කරන්න හදනවා – මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල

254

ආණ්ඩුව ඉදිරිපත් කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම වෙනුවට තවත් ශක්තිමත් වීමක් සිදුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.අධිකරණ ඇමැතිතුමා අපිට යොමු කරලා තියන 21වන සංශෝධන කෙටුම්පත අධ්‍යනය කළාම අපිට පෙන්නේ මේක 19-(මයිනස්) එකක්.19ත් නෑ 19+ නෑ.ජනතාව බලාපොරොත්තු වුනේ මේක නොවේ. මුළු රටේම ජනතාව කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. පක්ෂ,පාට,ආගම්, බේදයකින් තොරව පොදු හඬ මේකයි. කැබිනට් මණ්ඩලය මේ යෝජනාව අනුමත

කරලා නෑ. රජය කියන්න ඕනේ විජයදාස රාජපක්ෂ මහතා යොමු කරපු කෙටුම්පත පිළිගන්නවාද? නැද්ද? කියලා. සාගර කාරියවසම් මහතා කියනවා වගේ නව අගමැතිවරයා පත් වුනේ ව්‍යවස්ථා ගෙන්න නොවේ ආර්ථිකය හදන්න කියලා. එතකොට කැබිනට් මණ්ඩලයත්, ප්‍රධාන පක්ෂයත් පිළිගන්නේ නැති කෙටුම්පතක් අනෙකුත් පක්ෂවලට ලබාදීමෙන් වැඩක් වෙනවාද? අපි බලාපොරොත්තු වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය ලැබෙයි කියලා. සමගි ජන බලවේගය අපි පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට 21වැනි සංශෝධනයක් ඉදිරිපත් කෙරුවා. එකේ පැහැදිලිවම තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළක්.

ජාත්‍යන්තර සංවිධාන එකකින්වත් ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා නෑ. අන්තිම ප්‍රකාශය යූ.එස්. ආධාර. මොකක්ද කියන්නේ අපි ලංකාවට ආධාර කරන්න පෙර ශ්‍රී ලංකාව තුල ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ තිබිය යුතුයි. මේක තේරුම් ගත යුතුයි. රජය මේ පිළිබඳව පැහැදිලි උත්තරයක් තවම දීලා නෑ. නව ආණ්ඩුවක්, නව අග්‍රාමාත්‍යවරයෙක් ආවා. නමුත් මේ ප්‍රශ්නයට උත්තර නෑ. එකම උත්තරය සල්ලි අච්චු ගහනවා කියන එක. ආණ්ඩුව දැන ගන්න ඕනේ අයි.එම්.එෆ්. ,යූ.එස්. ආධාර, ලෝක බැංකුව, මේවා පිටි පස්සේ ඉන්නේ බටහිර රටවල්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා මේ සියල්ල තරහා කරගෙන ඉන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment