21 තෙක් රට වැහුවේ ඇයි

185

මෙම මස 14 වැනිදා අලූයම 4.00ට ඉවත් කිරීමට බලාපොරොත්තු වූ දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමා 21 වැනිදා තෙක් දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ඒ අනුව ලබන 21 වැනිදා අලූයම 4.00 තෙක් සංචරණ සීමාවන් ක‍්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා කීවේය.
 
 මේ අතර දැනට පනවා ඇති සංචරණ සීමා නිසා කොවිඞ් රෝගය පැතිර යෑම පාලනය වී ඇතිදැයි කියා තීරණය කළ හැක්කේ 14 වැනිදායින් පසු ආරම්භවන සතියේ සිට වාර්තාවන කොවිඞ් රෝගීන්ගේ සංඛ්‍යාව අනුව බව විශේෂඥ වෛiවරු සඳහන්කර ඇත.
 
 දැනට දිනපතා වාර්තාවන කොවිඞ් ආසාදිත රෝගීන්ගේ ගණන අනුව සතියකට රෝගීන් විසිදහසකට ආසන්න සංඛ්‍යාවක් අලූතින් හඳුනාගනී.
 
 එසේම මේ වන විට දිනකට වාර්තාවන කොවිඞ් මරණ සංඛ්‍යාව ද සියය ඉක්මවා ඇත.
 
 මෙම තත්ත්වය වර්ධනය වුවහොත් සෞඛ්‍ය අංශයට කොවිඞ් රෝගය පාලනය කළ නොහැකි අවදානමක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛiවරු පවසා තිබේ.
 
 
 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment