21 වැනි සියවසේ මුහුණදීමට සිදුවන බරපතලම ගැටලුව

441

ජනතාවට 21වැනි සියවසේ මුහුණදීමට සිදුවන විශාලතම අර්බුදය වී ඇත්තේ කාලගුණ වෙනස්වීම් වලට මුහුණ දීම යැයි පරිසර විද්‍යාඥයෝ පවසති. ඒ සදහා කඩිනමින් පියවර නොගත හොත් දැඩි ආර්ථික ගැටලු වලටද මුහුණ පෑමට සිදුවන බවද අනතුරු අඟවති. ඒ අනුව විද්‍යුත් වාහන සහ සූර්ය කෝෂ විදුලිය වැනි පරිසරයට කාබන් මුදාහැරීම අවමව සිදුවන බල ශක්ති ආදියට ජනතාව යොමු කිරීම ඉදිරියේ දී පියවර ගතයුතු බවද සදහන් කරති. . ඊට ආසන්නතම නිදසුනක් ලෙස පකිස්ථානයට පසුගියදා ගංවතුරින් සිදුවූ දැඩි හානිය සදහන් කරති.ඉන් පකිස්ථානයේ හරි අඩක් පමණ වූ භූමියකට බලපෑම් ඇති විය. එසේම ඉන් රටේ ආර්ථිකයටද සියයට 09% පමණ බලපෑම් සිදුවී ඇතැයි වාර්තා වේ.පොසිල ඉන්ධන, ගෑස්, වැනි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර මුදාහරින බල ශක්ති භාවිතය අවම කළ යුතු යැයි ද සදහන් කරති.එනිසා හරිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටිති. මේ වන විට ඉන්දියාව එය අවබෝධ කරගෙන පමාවී හෝ හරිත පරිසරයක් සදහා යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment