22ගැන ජනපති අගමැතිට දුන් උපදෙස්

209

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද උපදෙස් දී ඇත.ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් අවස්ථා කිහිපයකදීම පරස්පර ස්ථාවර ගැනීම පිළිබඳ කරුණු අනාවරණය කිරීමෙන් පසුවය.22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිට මේ වන විට විපක්ෂයට ගොස් සිටින කණ්ඩායම එක් මතයක්ද, විපක්ෂනායකවරයා ඇතුළු අනෙක් පාර්ශ්ව තව මතයක්ද පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබිණි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් මුල් අවස්ථාවේදී දරණ ස්ථාවරය තවත් අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගන්නා බවට ජනාධිපතිවරයාට දිගින් දිගට කරුණු පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඉහත දැනුම් දීම කිරීමට හේතුවී ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment