22ට කථානායක අත්සන් තබයි

69

පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (31දා) සිය සහතිකය සටහන් කර ඇත.

එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 10 වැනිදා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් විවාදය පසුගිය ඔක්තෝබර් 20 සහ 21 දෙදින පුරා පැවැත්විණි. විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි.

කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමිවිය. ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඊයේ සිට බලාත්මක වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment